කිර්ති සුරේෂ් කෝටියක් වටින මෝටර් රථයක් ගනියි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

චිත්‍රපට රංගනයක් සඳහා ඉන්දීය රුපියල් කෝටි 4ක මුදලක් අය කරන ජනප්‍රිය සිනමා නිළි කිර්ති සුරේෂ් මීට දින කිහිපයකට පෙර ඉතා වටිනා මෝටර් රථයක් මිළඳි ගෙන ඇත. ඒ BMW 7 Series රථයකි. එහි වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 1.38ක් බව සඳහන් වෙයි.

ඉන්ස්ටග්‍රෑම් හි මිලියන 16කට ආසන්න අනුගාමිකයන් සංඛ්‍යාවක් සිටින කිර්තිට දකුණු ඉන්දීය සිනමා කර්මාන්තය තුළ වඩාත්ම ඉල්ලුමක් ඇති රංගන ශිල්පිණියක්ද බවටද වර්තමානයේ පත්ව තිබේ. චිත්‍රපට නිෂ්පාදක සුරේෂ් කුමාර් සහ නිළි මේනකාට දාව උපන් කීර්ති ළමා නිළියක ලෙස සිය රංගන ජීවිතය ආරම්භ කළේ 2000 දශකයේ මුල් භාගයේදීයි.