ජේලර් ලද සාර්ථකත්වය මැද රාජිණිට ලැබුණ වැටුප



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අති සාර්ථකව මේ වනවිටත් ප්‍රදර්ශනය වෙමින් පවතින රාජිණිකාන්ත්ගේ ජේලර් චිත්‍රපටය මීට දින කිහිපයකට පෙර සිය ආදායම් උපයා ගැනීම ඉන්දීය රුපියල් කෝටි 650 සීමාව පසු කරන්නට සමත් විය. පසුගිය අගෝස්තු 10 වැනිදා ඉන්දියාවට සමගාමිව විදෙස් රටවල් රැසක ප්‍රදර්ශනය ආරම්භ කරනු ලැබු මෙම චිත්‍රපටය තමිල්නාඩුවේ පමණක් ඉහළ ආදායමක් උපයාගන්නට සමත් වීම කැපී පෙනෙන්කි.

චිත්‍රපටයේ සාර්ථකත්වය වෙනුවෙන් මීට දින කිහිපයකට පෙර උත්සවයක් සංවිධානය කළ අතර, එහිදි නිෂ්පාදකවරුන් විසින් රාජිණිට ඉන්දීය රුපියල් කෝටි 110ක චෙක්පතක් තිළිණ කර බව සඳහන් වෙයි. ඒ අනුව මෙම චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් රාජිණිට ඉන්දීය රුපියල් කෝටි 210ක මුදලක් හිමි වී තිබේ. එය ඉන්දීය සිනමා නළුවෙකු විසින් චිත්‍රපට රංගනයක් සඳහා අය කළ ඉහළම මුදල බවද වාර්තා අතරට එක් වෙයි.