ජවාන් දැනටම වියදම් වූ මුදල සොයා ගෙන අවසන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තිරගත වෙන්නට තවත් සතියක පමණ කාලයක් ඉතිරිව තිබියදි ෂාරුක් ඛාන් රඟන ජවාන් චිත්‍රපටය සිය වියදම් වූ මුදල සොයා ගෙන ඇතැයි වාර්තා වේ. ඔවුන් මෙසේ මුදල් සොයා ගෙන ඇත්තේ මුල දින දහය දක්වා පමණක් අන්තර්ජාලය හරහා ප්‍රවේශපත් විකිණිමෙනි.

විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ පමණක් මේ වනවිට මුල් දින පහට පමණක් ඩොලර් මිලියන 2.7ක ප්‍රවේශපත් ප්‍රමාණයක් විකිණි අවසන්ව ඇතැයි වාර්තා වේ. නිෂ්පාදකයින් පවසන්නේ දැනටමත් ජවාන් චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි දහසකට එහා මුදලක් උපයා ගනු ඇති බවට අනුමාන කළ හැකි බවය. මේ වසරේ ෂාරුක් රඟපෑ පතාන් චිත්‍රපටයද ඉන්දීය රුපියල් කෝටි 1060ක් උපයා ගන්නට සමත් විය.