ජවාන් රඟපාන්න දිපිකා ගත්තු මුදල හෙළිවෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ආදායම් වාර්තා බිඳ දමමින් ඉන්දියාවට සමගාමිව ලොවපුරා අති සාර්ථකව ප්‍රදර්ශනය වන ජවාන් චිත්‍රපටය සුපිරි නිළි බොලිවුඩ් සිනමා නිළි දිපිකා පදුකෝන්ද රංගනයෙන් දායක වෙයි. එහි ඇය ඉදිරිපත් කරනු ලබන්නේ ආරාධිත චරිතයක් වන අතර, චිත්‍රපටයේ මැද බාගයේදී දිපිකා ඉතා සුළු වෙලාවකට දකින්නට ලැබේ.

චිත්‍රපටය ප්‍රදර්ශනය වන්නට ප්‍රථම දිපිකා මෙම සුළු ආරාධිත චරිතය සඳහා ඉන්දීය රුපියල් කෝටි 25ක් අය කළ බවට රාවයක් පැතිර ගියද ඇය ඊට පිළිතුරු දෙමින් පවසා තිබුණේ ෂාරුක් වෙනුවෙන් තමන් නොමිලේ මෙම චිත්‍රපටයේ රඟපෑමට එකතු වු බවය. කෙසේ වෙතත්, චිත්‍රපටය කෝටි 1000ක ආදායමක් ලැබීමත් සමග ෂාරුක් ඇයට කෝටි ගාණක් වටිනා තැග්ගක් ලබා දී තිබෙන බව වාර්තා වෙයි.