ජේසන්ගේ අලුත්ම චිත්‍රපටය ඉහළ ලාභ ලබයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට අන්තර්ජාලය තුළ නරඹන්නට අවස්ථාව ලැබි ඇති මෙග් 2 ද ට්‍රෙන්ච් චිත්‍රපටය ඉහළ ආදායමක් හිමි කර ගැනීමට සමත්ව ඇත. සුපිරි නළු ජේසන් ස්ටෙත්ම් ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 130ක් වැය කරමින් තැනුවකි.

පසුගිය අගෝස්තු හතරවැනිදා හොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ මෙම චිත්‍රපටය මේ වනවිට උපයාගෙන ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 355කි. එය ඉහළ ලාබ ලැබිමක් වන නමුදු පළමු චිත්‍රපටයට වඩා අඩු මුදල් උපයා ගැනීමකි. 2018 වසරේ ප්‍රදර්ශනය වූ ද මෙග් චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 530ක ආදායමක් උපයා ගන්නට සමත් විය.