දෙවැනි වතාවටත් පැටින්සන් බැට් මෑන් චරිතයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පසුගිය වසරේ තිරගත වූ ද බැට්මැන් චිත්‍රපටයේ දුටු ජනප්‍රිය හොලිවුඩ් සිනමා නළු රොබට් පැටින්සන් 2024 වසරේ මාර්තු 24 වැනිදා ප්‍රදර්ශනය කරන්නට සැළසුම් කර ඇති ද බැට්මැන් දෙවැන්න සඳහාද තෝරා ගෙන ඇතැයි වාර්තා වෙයි.

ද බැට්මැන් චිත්‍රපටය ඉහළ ආදායමක් උපයාගත්තද බොහෝ දෙනෙකු රොබට් පැටින්සන්ගේ රංගනය සම්බන්ධව සුබවාදිව ඒ කාලයේ කතා නොකළේය. ඒ නිසාවෙන් නළුවන් කිහිප දෙනෙකුම පසුව බැට්මැන් චරිතයට නම් කර තිබුණද අවසානයේ වෝනර් බ්‍රදර්ස් චිත්‍රපට සමාගම තවත් අවස්ථාවක් පැටින්සන්ට දීමට තිරණය කර තිබුණි. 2024 වසරේ තිරගත වන ද බැට්මැන් දෙවැන්නේ ඔහුට එරෙහිව සටන් කරනන්ට සුපර් ගර්ල් හෙවත් කාරා තෝරා ගෙන ඇති බවටද ඉඟි පළ වෙයි.