පකිස්තානයේ කෙස් ගහකින් ඉන්දියාවම බේරා ගත් අමුතු මොළකාරයා

පකිස්තානයේ කෙස්ගහකින් ඉන්දියාවම බේරාගත් අමුතු මොලකාරයාගේ කතන්දරය... අන්න එහෙමයි එයා ගැන කතාන්දරයේ මුල දිග හැරෙන්නේ....එහෙම මුල දිග හැරෙන කතාන්දරයේ නම තමයි.......ධුරන්ධර්
ඉන්දියානුවන් බොහෝ දෙනෙකුටව් සිනමාව හා තියෙන්නේ ආත්මීය ආලයකින් බැඳුණු බන්ධනයක්. ඉන්දියානුවන්ගේ පපුවටම අනින ධුරන්ධර් කියන්නේ ළය ලෙයටම දැනෙන ආලයකින් ඉන්දියානු මාතෘ භූමියට ආදරේ කළ ඉන්දියානුවෙකුගේ සැබෑ කතාවක් ප්‍රස්තුත කරගත් සිනමා කාව්‍යයක්.
ධුරන්ධර් සිනමා කතාවේ වීර සෙවණැල්ලෙහි පුරාවත....ඔබ ඇසුවොත් සත්තකින් ඔබ පුදුම වේවි..... එතරම්ම...ඔව් එතරම්ම......තමන් ජන්මලාභය ලද භූමියට ආදරය කරන්නට මිනිසකුට හැකිදැයි ඔබ ඉතිහාසයෙන් ප්‍රශ්න කරාවි....ඒත් සුන්දර ඉන්දියානු සාර භූමියේ ඉපදුනු එවන් සුවහසක් මිනිසුන් අතරත් අමුතුම වීරයෙක් එදවසක බිහිවිය.අදටත් ඔහු ඉන්දියානු මාතෘ භූමියේ මහා ආරක්ෂක සෙවණැල්ලක්ව නිබඳවම සැරිසරයි
ඔහු කවුද ?
නම ඇහෙද්දිත් ඇඟ හිරි වැටෙන වීරයො ලෝකයේ ඉන්නවා.ඒ වගේම කවුරුත් නොදන්න නිහඬ වීරයොත් ලෝකයේ ඉන්නවා.ඒත් ඉන්පස්සේ පරම්පරා ගණනාවක මිනිස්සු සැනසීමෙන් හුස්මක් ගන්නේ ඒ නිහඬ වීරයෝ නිහඬවම කරපු අප්‍රමාණ සේවය නිසා. පාකිස්ථානයේ අතිශය රහසිගතව ගොඩනැගූ න්‍යෂ්ටික යුධ පරීක්ෂණාගාරයක් ඉදිරියේ පරණ සළුවක් පොරවගෙන රෙදි කඩමාලු ඇඳගෙන යාචකයෙක් විදිහට හිඟා කාපු හිඟන්නෙක්ව පකිස්ථානය ජරා, දුප්පත් හිඟන්නෙක් විදිහට දකිද්දී ඉන්දියාවෙ දැනගත යුතු පාර්ශ්ය ඒ හිඟන්නව දැක්කේ තමන්ගේ රටේ ඉපදිච්ච දැවැන්තම සහ සූක්ෂම මොලකාරයා විදිහට.ඒ හිඟන්නා සහ
මොලකාරයා තමයි අජිත් දොවාල් .අජිත් දොවාල් කියන්නේ අද ඉන්දියාවෙ ආරක්ෂක උපදේශන පද්ධතියේ ආරක්ෂක උපදේශකවරයා.මීට කාලයකට ඉස්සර ඔහු පකිස්ථානයට යන්නේ සෙබළෙක් විදිහට නෙවෙයි හිඟන්නෙක් විදිහට .ඇයි ඒ ? මරණයේ හෙවනැල්ල දෙවුර දරාගෙන තරු ගැවසුනු නිල ඇඳුමකින් තොරව හිඟන්නෙක් විදිහට පකිස්ථානයට ගිය අජිත් දොවාල් එහෙම කළේ ඇයි ? ඔහු දරාගෙන හිටියෙ පුදුමාකාර හයියක් තියෙන අමුතු හිතක්.යකඩ වුණත් මුහුදු හුළඟට මළකඩ කන හින්දා ඒ හිතට යකඩ හිතක් කියන්නවත් මට හිතෙන්නෙ නෑ. ආත්මයම නිරුවත් කරලා එක ක්ෂණයකින් මරලා දාන්න පුළුවන් හතුරන් ඉන්න දේශයක ඔහු රටක සුරක්ෂිතභාවය වෙනුවෙන් වගකීමක් පපුවේ දරාගෙන හිටියා.අවුරුදු හතක් පුරා හිඟන්නෙක් විදිහටත් කම්කරුවෙක් විදිහටත් පකිස්ථානයේ වීදි ගානේ ඇවිදපු අජිත් දොවාල්ට තිබුණේ පුදුමාකාර වගකීමක් සහ වගවීමක්.ඉන්දියාවට සිදුවිය හැකිව තිබූ අතිශය භයානක න්‍යෂ්ටික ප්‍රහාරයකින් ඉන්දියාව බේරගත්ත වීරයා ඔහු
අජිත් දොවාල් පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර සැරිසරද්දි කිසිවෙක් ඔහුව සැක කළේ නෑ.සැක කරන්න තරම් කිසිම ඉඟියක් ඔහු සන්තකයෙන් ඔහු විදාරණය කළේ නෑ.පකිස්ථාන බුද්ධි අංශවල ඇස් දස දහසක් නිරන්තරයෙන් සැරිසරන භූමියක නිරුපද්‍රිතව සැරිසරන්න මේ සූක්ෂම මොලකාරයාට පුළුවන් වුණා. එක වචනයක් වැරදුනානම් එක මොහොතක් සැකයක සිර වුණානම් අජිත් දොවාල්ගේ ඉරණම විසඳෙන්න තිබුණේ පකිස්ථානයේ වධකාගාරයක. න්‍යෂ්ටික කඳවුර මහා තාප්ප යකඩ වැටවල් වලින් සුරක්ෂිතයි කියලා පකිස්තානුවන් හිතද්දි ඒ සියලු රහස් එකින් එක තමා සන්තකයට ගත්ත හිඟන මොලකාරයෙක් තමන් නුදුරේම ඉන්න වග පකිස්තානුවන් දැනගෙන හිටියේ නැහැ.එයාලගේ න්‍යෂ්ටික යුධ පර්යේෂණාගාරයේ ඉදිරිපිට හිඟා කන හිඟන්නව එයාලා කවදාවත් සැක කළෙත් නෑ.අජිත් දොවාල් මොකද කළේ ?.පකිස්ථාන හමුදාවේ වාහන ඇතුළු වෙන වෙලාවන්.,පර්යේෂණාගාරයට යන මිනිසුන් ඔවුන්ගේ පුරුදු වගේම ඒ ආරක්ෂක පද්ධතියේ තිබ්බ පුංචිම හරි දුර්වලතා තිබුණනම් ඒ සියල්ල තමන්ගේ පුදුමාකාර මොළයේ සිතියම් කරගත්තා.ජරා ජීර්ණ වෙච්ච මේ හිඟන්නා දිහා මිනිස්සු කොයි තරම් පිළිකුලකින් බැලුවත් ඒ සියලු බැලුම් ඒ සියලු ගොරහැඩි ප්‍රතිචාරයන් ඔහු තමන්ගේ මාතෘ භූමිය වෙනුවෙන් විඳ දරා ගත්තා.
ඇත්තටම අජිත් දොවාල් කළේ ඔත්තු සේවා ඉතිහාසයේ පරිච්ඡේදයක් ලෙස ලියැවෙන අමුතුම මෙහෙයුමක්.ඔහු ඉන්දියාව බේරගත්තේ පකිස්ථානයේ කුණු කූඩයට ගිය කෙස් ගස් කිහිපයකින්.පකිස්තානයේ න්‍යෂ්ටික විද්‍යාගාරයේ ඉන්න ප්‍රබලම විද්‍යාඥයෝ කොණ්ඩේ කපන්නට යන බාබර් සාප්පුවක් තිබුණා.එයාලගේ ඔළුවෙන් ඉවතට යන කෙස් ගස් කුණු කූඩයකට ගියේ කිසිම වැදගම්මකට නැති දෙයක් විදිහට වුණත් අජිත් දොවාල් රටක් බේරගන්න සාක්කියක් කරගත්තේ ඒ කෙස් ගස්. අජිත් දොවාල් ඒ කෙස් ගස් කුණු බාල්දියෙන් එකතු කරගෙන ඒවා ඉන්දියාවට යැව්වා ඉන්දියාවෙ රසායනාගාරවලදී පරීක්ෂා කෙරුණු ඒ කෙස් ගස් දැකලා ඉන්දියාවේ විද්‍යාඥයෝ පුදුම වුණා.ඒ කොණ්ඩ ගස්වල තැවරිලා තිබුණ යුරේනියම් සහ විකිරණ අංශු දැකලා.චන්ද්‍රිකාවලටවත් හසු නොවෙන්නට ලෝකෙන්ම සඟවාගෙන සිටි පකිස්ථානයේ න්‍යෂ්ටික පර්යේෂණාගාරය ගැන තොරතුරු ලෝකෙට නිරාවරණය කළේ ඒ කෙස් ගස්.ඔවුන් හදන න්‍යෂ්ටික බෝම්බයේ වගතුග එළියට ආවේ ඒ කෙස් ගස්වල ඉතුරු වෙලා තිබුණු සාක්කිවලින්.පකිස්තානයේ න්‍යෂ්ටික සැලසුම් අවුරුදු ගණනකින් පිටුපසට තල්ලු කරලා දාලා ඉන්දියාවෙ ආරක්ෂාව සුරක්ෂිත කරගන්න පාර කියුවේ ඒ කෙස් ගස්.දවසක් අජිත් දොවාල් මුස්ලිම් පල්ලියක ඉද්දි ඔහුගේ කන පිටුපස තියෙන කන විදපු සලකුණක් දැකලා පකිස්තානුවෙකුට සැක හිතිලා ඔහු එයාව ප්‍රශ්න කරන්න පටන් ගත්තා.වෙන කෙනෙක් නම් බයේ වෙව්ලන මොහොතක අජිත් දොවාල් දුන්නේ පුදුමාකාර සරල උත්තරයක්.මම ඉපදුනේ හින්දු පවුලක. ඒත් මම පසුව ඉස්ලාම් භක්තිකයෙක් වුණා. ඔහු කිව්වෙ හරිම අසරණ විදිහකට ..හතුරත් එක්කත් මිතුරු වෙන්න පුළුවන් සූක්ෂම බලයක් තිබුණු මේ අමුතු මොලකාරයා අවසානයේ තමන්ව සැක කරපු ඒ මුසල්මානුවාගෙ මිත්‍රයෙක් වෙලා ඔහුගේ ගෙදරට ගිහිල්ලා කාලා බීලා පකිස්ථානය ගැන තොරතුරු හුඟක් ඔහුගෙනුත් දැනගත්තා.
ඇත්තටම දොවාල් ළඟ තිබුණේ අමුතුම මායාකාරී ගුප්ත රහස් පරීක්ෂණ බලයක්.ඔහුට හතුරන් පවා මිතුරන් කරගන්න පුළුවන් වුණේ ඒ හින්දා.පංජාබ්වල ගෝල්ඩන් ටෙම්පල් එක ඇතුළට ඔහු ගියේ පකිස්ථාන අයි .එස් . අයි ඒජන්තවරයෙක් විදිහට වෙස් වලාගෙන.කැරලිකරුවන්ගේ සියලු රහස් එතෙන්දි ඔහු දැනගත්තේ ඔවුන්ගේම කෙනෙක් විදිහට ඔවුන් ඇසුරේ හිඳිමින්.ඔයා අපිට ගැහුවොත් අපි ඔයාගේ ගේ ඇතුළටම ඇවිල්ලා ගහනවා කියන ආරක්ෂිත සංකල්පය ගෙනාවේ අජිත් දොවාල්.අසීමිත ඉවසීමක් සහ අසීමාන්තික මොලයක් තිබුණු අජිත් දොවාල් තිරය ඉදිරිපිටට නාව සැබෑම වීරයෙක්.කෙස් ගහක රහසින් රටක් බේරගත් වීරයෙක්.
ඉතින් මේ කතාව ප්‍රස්තුත කරගත් ධුරන්දර් චිත්‍රපටයේ තිර රචනය ලිව්වේ සහ අධ්‍යක්ෂණය කළේ Adtiya Dhar.රන්වීර් සිං ප්‍රධාන චරිතය රඟපාන ධුරන්දර් හි අක්ෂේ ඛන්නා, සංජය දත් අර්ජුන් රාම්පල් ආර්. මාධවන් , සාරා අර්ජුන් ,රකේශ් බේඩි ඇතුළු නළු නිළියන් රැසක් රඟපානවා.හින්දී භාෂාවෙන් නිර්මිත මෙම චිත්‍රපටය ඉන්දියාව පුරා තිරගත වුණේ පසුගිය දෙසැම්බර් පස් වැනිදා.
මේ චිත්‍රපටයේ කැපී පෙනෙනම චරිතය වෙන්නේ දුෂ්ටයාගේ චරිතයට පණ අක්ෂේ ඛන්නා.මේ චිත්‍රපටය නැටුම් සමහරක් ඔහුගේම රංගන විලාසයන්ට අනුව ඔහුම නිර්මාණය කරගත්ත ඒවා බව කියනවා ඒ නැටුම් .පුදුමාකාර ආකර්ෂණයකින් ප්‍රේක්ෂකයන් මන්මත් කරවන බවත් කියවෙනවා.අක්ෂේ ඛන්නා කියන්නෙත් අමුතුම චරිතයක්.දවසක් ඔහු මාධ්‍ය හමුවේ කියනවා .
"මට කෝටි පන්සියයක ව්‍යාපාර තියෙනවා.ඒත් මම රතන ටාටා හෝ ධිරුබායි අම්බානි
තරම් ධනවත් නෑ. එහෙම කියලා මම සාර්ථක වෙන් නැද්ද ?මම ශාරුක් ඛාන් වෙනකම් මම සාර්ථක වෙන් නැද්ද?
සාර්ථක වෙලා නැද්ද? අපේ කෝටි 120 ක් පමණ වන ජනගහනයෙන් චිත්‍රපටවල ප්‍රධාන
චරිතවල රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ 1520 දෙනෙකුට පමණයි.ඉතින් එතනින් එක්කෙනෙක් වෙච්ච මම දිනලා නැද්ද?"
ඉන්දියාව කියන්නේ මේ ලෝකයේ ලස්සනම රටක් ප්‍රාන්තයෙන් ප්‍රාන්තය වෙනස් වෙච්ච සංස්කෘතීන් භාෂාවන් ආගම් පුදුමාකාර කන්දරාවකින් විචිත්‍රවත් වෙච්ච අමුතුම රටක්.දර්ශනවාදීන්, සුන්දරම මිනිසුන්, පුදුමාකාර මිනිසුන් ඉපදිච්ච සාර භූමියක්.
මිනිත්තු 214ක් පුරාා දිවෙන මේ අසිරිමත් චිත්‍රපටය කියන්නේ ඉන්දියාවේ සුහසක් නිමැවුම් අතර තවත් එක් පුදුමාකාර නිමැවුමක් විතරයි....
