බාර්බිට රඟපෑ මාර්ගට්ට හිතාගන්න බැරි මුදලක් ගෙවයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට බොක්ස් ඔෆිස් වාර්තා තබමින් ලොවපුරා අති සාර්ථකව ප්‍රදර්ශනය වන බාර්බි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන මාර්ගට් රොබීට ඉතා ඉහළ මුදලක් ගෙවීමට එම චිත්‍රපටයේ නිෂ්පාදකයින් බලාපොරොත්තු වන බව පැවසේ.

දැනට ලැබෙන වාර්තාවලට අනුව එය ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් බව සඳහන් වෙයි. විශේෂත්වය වන්නේ මෙම ගෙවිම් කරන නිෂ්පාදක මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස ඇයගේ සැමියා වූ ටොම් ඇකුලරිද සිටිමය. බාර්බි මේ වනවිට ලොවපුරා ප්‍රදර්ශනය වෙමින් ඇමෙරිකානු ඩොලර් බිලියනයද ඉක්මවා ආදායමක් උපයාගන්නට සමත්ව ඇත.