මැඩ්රිඩ් නගරයේ කිහිළිකරුවලින් ඇවිදපු ඇම්බර් හාර්ඩි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වනවිට ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නගරයේ පදිංචිව සිටින හොලිවුඩ් සිනමා නිළි ඇම්බර් හාර්ඩි පසුගිය දිනවල කිහිළිකරුවල ආධාරයෙන් මැඩ්රිඩ් නගරයේ ඇවිඳින ඡායාරූප කිහිපයක් අන්තර්ජාලය තුළ පළ වී තිබුණි.

ඇය මෙසේ ආබාධ වී තිබුණේ මැඩ්රිඩ් නගරයේ පැවැත්වෙන සුහද මැරතන් තරගයකට සහභාගි වීම සඳහා කළ පුහුණුවිමක් අතරතුරදිය. කෙසේ වෙතත්, ඇය මේ සම්බන්ධව අදහස් දක්වමින් පවසා තිබුණේ තමන් මැරතන් තරගයට සහභාගි වෙන බවත් තම ආබාධය ඉතා සුළු එකක් බවත්ය. මෙම මැරතන් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ එළැඹෙන නොවැම්බර් මාසයේදීය.