විජේගේ අලුත්ම චිත්‍රපටයේ රඟපාන අපර්ණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

එළැඹෙන දිවාලි මාසයේ නිකුත් වන ලොකේෂ් කනගරාජ්ගේ ලියෝ චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතයට පණ පොවන විජේ රංගනයෙන් දායක වෙන මිළඟ චිත්‍රපටය කෙරෙහි තොරතුරු මේ වනවිට සමාජ මාධ්‍යයට මුදාහැර තිබේ.

මෙම චිත්‍රපටයට මේ වනවිට නළුනිළියන් තෝරා ගනිමින් සිටින අතර, අධ්‍යක්ෂක වෙන්කට් ප්‍රභූ සමඟ තලපති විජේගේ මීළඟ චිත්‍රපටය පිළිබඳ කතාබහ වැඩි වෙමින් පවතී. නර්තන ශිල්පියෙකු, නළුවෙකු සහ අධ්‍යක්ෂකවරයෙකු වන ප්‍රභුදේවා සහ නළු ජායි මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වී ඇති බව වාර්තා වෙයි. එමෙන්ම සිනමා නිළි අපර්ණා දාස්ද මෙහි විජේගේ පෙම්වතිය ලෙස මෙම චිත්‍රපටයේ රඟපානු ඇති බව සඳහන් වෙයි.