විජේගේ පුත් ජේසන් චිත්‍රපට අධ්‍යක්ෂණයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සුපිරි දකුණු ඉන්දීය සිනමා නළු තලපති විජේගේ පුත් ජේසන් සංජය මේ වනවිට සිය කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයට පිවිසිමට සූදානමින් සිටින බව සඳහන් වෙයි. ඒ පිළිබඳව පසුගියදා ඔහු දකුණු ඉන්දීය රූපවාහිනි නාළිකාවක් සමග සම්මුඛ සාකාච්ඡාවකට එක් වෙමින් පවසා ඇත.

මගේ පළමු චිත්‍රපටය පිළිබඳව මේ දිනවල සැළසුම් කරමින් යනවා. ඒ චිත්‍රපටය ලයිකා වැනි ප්‍රකට නිෂ්පාදන ආයතනයක් සමග සම්බන්ධ වෙලා කරන්න ලැබීම සතුටක්. මේක හොඳ චිත්‍රපටයක් වේවි යන්න ඔහු සිය අදහස් පළ කර තිබුණි. එමෙන්ම සිය පියා රඟපාන චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරිම තම එකම හීනය බවද ඔහු මෙම සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබේ.