විවේකයක් ගන්න ඉක්මණට වැඩ කරන ප්‍රභාස්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දකුණු ඉන්දීය සුපිරි නළු ප්‍රභාස් මේ දිනවල සලාර් හා කල්කි චිත්‍රපට වල වැඩ ඉතා ඉක්මණින් අවසන් කරමින් සිටින බව වාර්තා වෙයි. ලැබෙන තොරතුරුවලට අනුව ප්‍රභාස් මෙසේ මෙම චිත්‍රපටවල වැඩ කඩිනමින් නිම කරන්නට සූදානම් වන්නේ දිගු විවේකයක් ගැනීමට බව සඳහන් වෙයි.

එමෙන්ම ඔහු පවසන්නේ මෙම චිත්‍රපටවල වැඩ අවසන් වූ පසුව කාලයක් තිස්සේ වේදනවෙන් පීඩා විඳින සිය දණහිසේ සැත්කම සිදු කරන්නට කටයුතු කරන බවය. කෙසේ වෙතත්, සලාර් හා කල්කි චිත්‍රපටවලින් පසුව ප්‍රභාස් තවත් එක් චිත්‍රපටයක් දැනටමත් වැඩ භාරගෙන ඇති බව සඳහන් වෙයි.