ෂාහිඩ් හා කරීනා නැවතත් එකට රඟපායිද



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාලයක් බොලිවුඩයේ සිටි හොඳම පෙම්වතුන් යුවළ වූ ෂාහිඩ්, කරිනා අතර මේ වනවිට ඇත්තේ දැඩි විරසක වීමකි. ඔවුන් අතර ප්‍රේම සම්බන්ධය බිඳි වැටිමත් සමග කරිනා, සායිෆ් අලී ඛාන් සමගින් විවාහ වූ අතර, ඇය මේ වනවිට දෙදරු මවක්ද වෙයි.

කරිනාගේ විවාහයත් සමග දැඩි ලෙස සිත්තැවුලට පත් වූ ෂාහිඩ් පසුව කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ දියණියක් වූ මිරා රාජ්පුත් සමගින් විවාහ විය. ඔවුන්ටද දැන් දරුවන් දෙදෙනෙකු සිටියි. මේ වනවිට වාර්තා වන්නේ ෂාහිඩ් හා කරිනා නැවතත් චිත්‍රපටයක පෙනී සිටින්නට කැමැත්ත පළ කර ඇති බවය. ඒ ඔවුන් දෙදෙනා අතිශය ජනප්‍රිය තරු බවට පත් කළ ජබ් වී මෙත් දෙවැනි චිත්‍රපටයේය. එය අධ්‍යක්ෂණය ඉම්ටියාස් අලී පසුගියදා ඒ බව ප්‍රසිද්ධ කර ඇත.