සනි ඩියොල්ටත් හිතාගන්න බැරි වුණ දේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ වසරේ මේ දක්වා තිරගත වූ බොලිවුඩ් චිත්‍රපට අතරින් ඉහළම ආදායමක් උපයාගත් චිත්‍රපට අතර දෙවැනි තැනට පත්වීමට සනි ඩියොල්ගේ ගඩාර් ඒක් ප්‍රේම් කතා දෙවැනි චිත්‍රපටය පත්ව ඇත. ලැබෙන තොරතුරුවලට අනුව මෙම චිත්‍රපටය මේ දක්වා උපයාගත් මුළු මුදල ඉන්දීය රුපියල් කෝටි 600කට ආසන්න බව සඳහන් වෙයි.

ගඩාර් ඒක් ප්‍රේම් කතා පළමු කොටස තිරගත වී වසර 20කින් පසුව එහි දෙවැන්න ලෙස මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වීම කැපී පෙනෙන්නකි. මෙහි සනි සමගින් පළමු චිත්‍රපටයේ රඟපෑ අමිෂා පටෙල්ද රංගනයෙන් දායක වීම විශේෂත්වයකි. මෑතකදී එක්වූ සම්මුඛ සාකච්ඡාවකදී සනි පවසා තිබුණේ මෙම චිත්‍රපටය මෙසේ සාර්ථක වීම තමාද අපේක්ෂා නොකළ එකක් බවය.