සැන්ඩ්‍රා බ්ලොක්ගේ පෙම්වතා මිය යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිගු කාලයක් තිස්සේ සුපිරි හොලිවුඩ් සිනමා නිළි සැන්ඩ්‍රා බ්ලොක්ගේ පෙම්වතා ලෙස කටයුතු කළ  බ්‍රයන් රැන්ඩල් මීට දින කිහිපයකට පෙර මිය ගිය පුවතක් වාර්තා වෙයි. කාලයක් තිස්සේ Amyotrophic lateral sclerosis රෝගයට ගොදුරුව සිටි අතර මිය යන විට ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකු වි සිටියහ.

ලුවී බාර්ඩෝ සහ ලයිලා (බ්ලොක් විසින් හදා වඩා ගත් දරුවා) මෙන්ම රැන්ඩල්ගේ පෙර සම්බන්ධතාවයෙන් දියණියක්ද ඒ අතර සිටියහ. කෙසේ වෙතත්, සැන්ඩ්‍රා මෙම අභාවය ප්‍රසිද්ධ කර නොතිබුණ අතර, බ්‍රයන්ගේ පවුලේ සාමාජිකයන් විසින් මේ සම්බන්ධව තොරතුරු මාධ්‍යයට ලබා දි තිබුණි.