සෝනම් කපුර් අලුතෙන් ගත්තේ නිවසේ වටිනාකම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාර්යබහුල ජිවිතයක් ගෙවන සිනමා නිළි සෝනම් කපූර් මීට දින කිහිපයකට පෙර සිය සැමියා වූ කෝටිපති ව්‍යාපාරික ආනන්ද අහුජා සමගින් දිල්ලි නගරයට ආසන්න ඉතා වටිනා මන්දිරයක් මිලට ගත් බව වාර්තා වෙයි. මෙය ආනන්ද් අහුජාගේ මාපියන් පදිංචිව සිටින නිවසට ආසන්නව පිහිටා තිබෙන්නකි.

කාලයක් එංගලන්තයේ ලන්ඩන් නගරයේ පදිංචිව සිටි සෝනම් හා ආනන්ද් දෙදෙනා සිය පුත් වායු ලැබීමත් සමග යළිත් ඉන්දියාවට පැමිණ එහි පදිංචි වීමට තිරණය කර ඇත. ඔවුන් දෙදෙනා මෙසේ දිල්ලි නගරයෙන් ගත් අති සුඛෝපභෝගි මන්දිරයට ඉන්දීය රුපියල් කෝටි 173ක් වියදම් කළ බව සඳහන් වෙයි.