ස්පයිඩර් මෑන් කෙල්ලට දුන්න උපන්දින තෑග්ග



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හොලිවුඩ් සිනමා නිළි සෙන්ඩියාට මීට දින කිහිපයකට පෙර වයස අවුරුදු 27ක් සපිරුණි. ඇය එදින සිටියේ සිය පෙම්වතා වූ ටොම් හෝලන්ඩ් (ස්පයිඩර් මෑන්)  සමග නිවාඩු ගත කරමිනි. ස්ථානය සඳහන් නොවුණද ඔවුන් සිටියේ නවීන පන්නයේ බෝටිටුවකින් මුහුදු වෙරළක යාත්රා කරමිනි. ඒ ඔවුන් සති අන්ත නිවාඩුවක් ගත කරන්නට පැමිණි අවස්ථාවකය.

සෙන්ඩියා අළු පැහැති හැට්ටයක්, ගැලපෙන කලිසම් ඊට සුදුසු සුදු සපත්තු යුවළක් පැළඳ ගෙන සිටියාය. ටොම් හෝල්න්ඩ් කොට කලිසමක් හා උඩුකඩ නිරුවත් සිටි අතර, එහිදි ගත් ඡායාරූප කිහිපයක් ඔවුන් සිය ඉන්ස්ටර්ග්රෑම් ගිණුම තුළ පළ කර තිබුණි.  ටොම් හෝල්න්ඩ් සිය ඉන්ස්ටර්ග්රැම් ගිණුම මගේ උපන්දින කෙල්ල යන්න එම ඡායාරූපවලට කෙටි සටහනක් තබමින් පළ කර තිබෙනු දක්නට ලැබුණි.