සුපිරි නිළි නයනතාරා ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමක් හදයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

බොලිවුඩ් සිනමා නළු ෂාරුක් ඛාන් ප්‍රධාන චරිතයට පණ පොවන ඇට්ලේ කුමාර්ගේ ජවාන් චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් නයනතාරා සිය නමින්ම අලුත් ඉන්ස්ටර්ග්‍රැම් ගිණුමක් ආරම්භ කළ බව වාර්තා වෙයි. ජවාන් චිත්‍රපටයේ ෂාරුක් සමග ප්‍රධාන නිළි  චරිතයට පණ පොවන නයනතාරා සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම ආරම්භ කරනු ලැබුවේ තම නිවුන් දරුවන් වන Uyir සහ Ulag සිය අත් මත සිටින ඡායාරූපයක්ද නිකුත් කරමිනි.

මේ වනවිට ඇය තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් හරහා ජවාන් චිත්‍රපටයේ ප්‍රචාරක පට මෙන්ම දැනට නිකුත් වූ සින්දා බන්දා ඇතුළු චිත්‍රපටයේ එන සියලු ගීත සිය ඉන්ස්ටර්ග්‍රැම් ගිණුම හරහා ප්‍රසිද්ධ කර ඇත. එමෙන්ම මේ වනවිට ඇයගේ ඉන්ස්ටර්ග්‍රැම් ගිණුමට විශාල රසික ප්‍රමාණයක්ද එකතු වී තිබෙන බව සඳහන් වෙයි.  ජේලර් චිත්‍රපටයේ ලද සාර්ථකත්වය ගැන එහි ප්‍රධාන නළු චරිතයට පණ පොවන රාජිණිකාන්ත්ටද සිය සුබපැතුම් එකතු කර විශේෂ සටහනක්ද නයනතාරා විසින් තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම තුළ ප්‍රසිද්ධ කර තිබෙනු දක්නට ලැබේ.