සමන්තා රුපියල් කෝටියක වංචාවකට හසුවෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දකුණු ඉන්දීය සිනමා නිළි සමන්තා රූත්ගේ කළමණකාරු සැමි ඇයව රවටා ඉන්දීය රුපියල් කෝටියක මුදලක් වංචා කර ඇති බවට තොරතුරු ලැබේ. මයෝසයිටිස් රෝගය වෙනුවෙන් ප්‍රතිකාර ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදයට ගිය අවස්ථාවේදී ඔහු විසින් මෙසේ සමන්තාට රුපියල් කෝටියක මුදල් වංචාවක් සිදු කර තිබෙයි.

මීට පෙර මෙම කළමණාකරුවා විසින්ම සිනමා නිළි රශ්මිකා මන්දනාටද මෙවැනි මුදලක් වංචා කොට ඇත. කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු මොහුගේ සේවය නොගන්නා ලෙසට සමන්තාට අවවාද කර තිබුණද ඇය ඒවා නොතකා සෑම්ව සිය කළමණකරුවා ලෙස සේවයට ගෙන තිබේ. මෙම කළමණකාරුවා සමන්තාට මෙසේ වංචා කොට ඇත්තේ ෆැමිලා මෑන් දෙවැනි කතා මාලාවේ ගණුදෙනුවකදි බව සඳහන් වෙයි.