සාර්ථක පවුල් ජිවිතයක් ගෙවන අයන් මෑන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අයන් මැන් සුපිරි චරිතය හරහා අතිශය ජනප්‍රිය රොබට් ඩවුනි සිය 18 වැනි විවාහ සංවත්සරය මීට දින කිහිපයකට පෙර සමරනු ලැබීය. ඒ සිය ආදරණිය බිරිඳ වූ සූසැන් ඩවුනි සමගය. 2005 වසරේදි විවාහ වූ ඔවුන් දෙදෙනා වසර 18ක කාලයක් පුරාවට හොලිවුඩයේ යහපත් පවුල් ජිවිතයක් ගත කරන යුවළක් ලෙස ප්‍රසිද්ධ වී සිටියි.

මේ වනවිට රොබට් ඩවුනි සිය 58 වැනි විය ගෙවා දමමින් සිටින අතර, සූසැන් තවමත් 49 වැනි වියෙහි පසුවන්නිය. සූසැන් වර්තමානය වනවිට චිත්‍රපට නිෂ්පාදනයට යොමුව තිබෙන අතර, ඩවුනි නමින් ඇය දැනට චිත්‍රපට නිෂ්පාදන සමාගමක්ද පවත්වා ගෙන යමින් සිටියි.