හැලි බේරිට ලොස් ඇන්ජලිස් අධිකරණයෙන් දුන්න නඩු තින්දුව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ලොස් ඇන්ජලිස් ශ්‍රේෂ්ඨාධිකරනය විසින් සුපිරි හොලිවුඩ් සිනමා නිළි හැලි බේරිට මාසිකව සිය හිටපු සැමියා වූ මාටින්ස්ට ඇමෙරිකානු ඩොලර් 8000ක මුදලක් ගෙවිමට නියෝග කර ඇත. ඒ තම නම හැවිරිදි පුත්‍රයා වන මැසිනේ වෙනුවෙනි. එමෙන්ම වසර අටක කාලයක් තිස්සේ ඇදුණ මාටින්ස් හා හැලි බේරිගේ දික් කසාද නඩු විභාගයද මින් අවසන් වූ අතර, සිය දරුවා වෙනුවෙන් ඒ කාලය තුළ ගෙවන්නට තිබු මුදලද මාටින්ස් විසින් මෙම නඩු විභාගය අවසානයේදී බේරිගෙන් ඉල්ලා තිබුණ බව සඳහන් වෙයි.

උසාවි ලේඛනවලට අනුව, බෙරීට තම පුතාගේ “පෞද්ගලික පාසල් උපකාරක පන්ති, පාසල් නිල ඇඳුම් සහ පාසල් සැපයුම්” සඳහා ගෙවීමට නියෝග කර ඇතත්, ගෙවීම් කරනු ලබන්නේ සිය හිටපු සැමියාට නොව මැසිනෝ ඉගෙන ගන්නා පාසල බව අධිකරණය දැනුම් දි ඇත. මීට අමතරව, බෙරීට තම පුතාගේ සෞඛ්‍ය රක්‍ෂණය සහ ප්‍රතිකාර ඇතුළු සියලුම අනාරක්ෂිත වෛද්‍ය වියදම්වලින් සියයට 100ක් ගෙවීමට සිදුවේ. එපමණක් නොව, ඩොලර් මිලියන 2ට වැඩි ඕනෑම ආදායමකින් සියයට 4.3ක් බෙරී සිය පුතාට ගෙවිය යුතු අතර එය මැසියෝ සඳහා “අතිරේක ළමා ආධාරයක්” ලෙස සැලකේ. මේ අතර, බෙරී මාර්ටිනෙස්ගේ නීතිඥ ගාස්තු සඳහා ඩොලර් 55,000ක් දායක කිරීමට කැමැත්ත පළ කර ඇත