
ප්‍රසන්න විතානගේ කියන ලාංකික සිනමාවේ ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂවරයා මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේ තරගකාරී අංශයේ ජූරි සභා විනිශ්චය මණ්ඩලයේ සභාපති ධුරයට තෝරාගෙන තිබීම සැබැවින්ම ලාංකික සිනමාව ලද සුවිශේෂී ජයග්‍රහණයක්.
මොස්කව් සිනමා උළෙල සැලකෙන්නේ ලෝකයේ පැරණිතම සිනමා උළෙලක් ලෙසයි.2026 අප්‍රේල් 16 වැනිදා සිට 23 වැනිදා දක්වා රුසියාවේ මොස්කව් අගනුවරදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති මෙම සිනමා උළෙලේ තරගකාරී අංශයට ලොව විවිධ රටවල් නියෝජනය කරමින් චිත්‍රපට 15ක් තෝරාගෙන තිබෙනවා. ප්‍රසන්න විතානගේ තෝරාගෙන ඇත්තේ එම ජූරි සභාවේ සභාපති ධුරයටයි. එය නිසැකයෙන්ම අන්තර් ජාතික වශයෙන් අප රටට විශාල කීර්තියක් ගෙන දෙන තීරණයක්.
ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ, මාලිනී ෆොන්සේකා ප්‍රධාන චරිතය හා හුස්ම ගත් “එයා දැන් ලොකු ළමයෙක්” චිත්‍රපටය වෙනුවෙන් 1975දී මොස්කව් සිනමා සම්මාන උළෙලේදී ඩිප්ලෝමා සහතිකයක් හිමි වූ අතර එය මාලිනී ෆොන්සේකාගේ විශිෂ්ට රංගනය වෙනුවෙන් ශ්‍රී ලංකාවට හිමි වූ ඉහළම ඇගයීමක් ලෙස සම්භාවනාවට පාත්‍ර වේ
ප්‍රසන්න විතානගේ සිනමාවේදියාණනි.....
ලොවෙන් ලද සිනමාමය ඇගයීම වෙනුවෙන් ඔබට සාරවිට සුබ පැතුම්
Trending News
Events
නවලෝකයේදී රැජිනට පණ දෙයි
- 08-05-2026
Social Media - අවුරුදු උත්සවේ
- 07-05-2026
සායා කොටු තුනක් පනී
- 07-05-2026
