රැජනක් නිදයි නිදුකින්

  • 22-05-2026

ඇගේ නොහිම් සිනමාමය චාරිකාවේදී ඇය සියක් දහසක් නෙත් පිනවා ලූ බව අප දනිම්...සියුම් ඇහිප්ල්ලමකින් පවා සිනමාමය රංගවේදයේ ඉසියුම්ම භාව හාව ලීලා විදාරණය කළ ඇය එහෙයින්ම රැජනක වෙසින් මියෙන තුරා කිරුළු දැරැවාය.ලාංකික සිනමාවේ නිලි රැජන ලෙසින් නම් ලද ඇය දැන් සියලු දුක් වේදනාවන් නිමවා නිදුකින් නිදන්නීය.

මාලිනී යන්නෙහි අරුත මල් ගොතනා ,මල් නෙලනා ,මල් දරනා යන වග ඇගේ සොහොන් කොතෙහි සනිටුහන් වී තිබේ.ඉඳින් නෙලූ මල්වල සුවඳ ඉතිරිකර ඇය නික්ම ගොස් හමාරය.

පුංච් බබාගේ සිට මලකි දුවේ නුඹ දක්වා චිත්‍රපට 150 කට වැඩි  සංඛ්‍යාවක රඟපැ 1975 මොස්කව් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී විශේෂ ජූරි සම්මානය ඇතුළු සිනමා සම්මාන 40 කට වැඩි සංඛ්‍යාවක් දිනාගත් ඇය ඒ සියලු සුවඳවත් මතක ශේෂ කර නික්ම ගොස් හමාරය.

ඇය වෙනුවෙන් තැනුනු පිළිරුවක් සහිත මේ සොහොන් ගැබ ඒ සියල්ල උදෙසා නිහඬ සාක්ෂියක් වැන්න.