හිනාවෙන්න සතුටින් ඉන්න කාලයක් වයසක් නෑ...අන්තිම හුස්ම තෙක් මේ ලෝකයට එන හැම කෙනෙක්ම ඉල්ලන්නෙත් ඒකයි.
අගුණකොලපැලැස්ස ප්රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩිහිටි නිළධාරී සුදේෂ් රුවන් කුමාරගේ සංකල්පයක් මේ.
ගුරුවල වැඩිහිටි සමිතිය ප්රථම වරට සංවිධානය කරන ලද බක්මහා උළෙල
කිරි ඉතිරවීමේ චාරිත්රය කණ්ඩායම් වශයෙන් එකතුවෙලා තරගයක් විදියට පැවැත්වුණා . වැඩිහිටි සමිතියේ ඉන්න වයසින් වැඩි වැඩිහිටියන්ට වයසින් අඩු වැඩිහිටියන් බුලත් දීලා මව්පියන්ට වඳින ගාථා කියලා වැඩිහිටියන් නැමදීම කළා. ඉන් පස්සේ ගුරුවල ගමේ ඉන්න දුවා දරුවන් තමන්ගේ ගමේ හැම අම්මා තාත්තා කෙනෙකුටම බුලත් දීලා ගාථා කියලා වැන්ද. පැමිණි ආරාධිත අමුත්තන් හා විනිශ්චය මණ්ඩලයේ හැමෝමත් වැඩිහිටි සමිතියේ අම්මලා තාත්තලට බුලත් දීලා වැඳලා තමයි අවුරුදු උත්සවය ආරම්භ කළේ.
කවුරු කළත් එකෙන්ම Respect ඈ.......
Trending News
Events
නවලෝකයේදී රැජිනට පණ දෙයි
- 08-05-2026
Social Media - අවුරුදු උත්සවේ
- 07-05-2026
සායා කොටු තුනක් පනී
- 07-05-2026
