King ආයෙත් King වෙයි
ශාරුක්ගේ 'King' විදෙස් සිනමා ප්‍රදර්ශන අයිතිය ඉන්දීය කෝටි 175කට අලෙවි වුණා.
බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටය වන 'King' හි විදෙස් සිනමා ප්‍රදර්ශන අයිතිය ඉන්දීය රුපියල් කෝටි 175ක මුදලකට අලෙවි වී ඇති බව තමා බොලිවුඩ් අලුත්ම වාර්තා කියන්නේ.මෙය ඉන්දීය සිනමා ඉතිහාසයේ චිත්‍රපටයක විදෙස් ප්‍රදර්ශන අයිතිය වෙනුවෙන් ගෙවූ ඉහළම මුදල ලෙස සැලකෙනවා.
Pinkvilla වෙබ් අඩවිය වාර්තා කරන පරිදි, අමෙරිකානු ඩොලර් මිලියන 18කට අධික වටිනාකමකින් යුත් මෙම ගනුදෙනුව සිදුකර ඇත්තේ ජාත්‍යන්තර චිත්‍රපට බෙදාහැරීමේ සමාගමක් වන Phars Films විසිනුයි.
මීට පෙර ෂාරුක් ඛාන්ගේ Pathaan සහ Jawan ඇතුළු චිත්‍රපටවල විදෙස් බෙදාහැරීමේ කටයුතු Yash Raj Films සමාගම විසින් සිදුකර තිබුණා.
මෙවර King චිත්‍රපටයේ විදෙස් ප්‍රදර්ශන අයිතිය Phars Films සමාගම විසින් ලබාගෙන ඇති අතර, ඒ සඳහා ඉන්දීය රුපියල් කෝටි 175ක අවම සහතික මුදලක් ගෙවා ඇති බව සඳහන් .
ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව, මීට පෙර කිසිදු ඉන්දීය චිත්‍රපටයක විදෙස් ප්‍රදර්ශන අයිතිය වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 100ක සීමාව ඉක්මවූ ගනුදෙනුවක් සිදුව නොතිබීමද මෙහිදී කැපීපෙනෙන විශේෂත්වයක්.
කෙසේ වෙතත්, මෙතරම් විශාල මුදලකට විදෙස් ප්‍රදර්ශන අයිතිය අලෙවි වීමත් සමග King චිත්‍රපටයට දැවැන්ත ආදායම් ඉලක්කයක් සපුරාලීමට සිදුව තිබෙනවා.ඒ අනුව මෙම ගනුදෙනුවේ පිරිවැය පියවා ගැනීමට පමණක් King චිත්‍රපටය විදෙස් රටවලින් අමෙරිකානු ඩොලර් මිලියන 37ත් 40ත් අතර ආදායමක් උපයාගත යුතු බවයි වාර්තා වන්නේ.එය ඉන්දීය රුපියල් කෝටි 350ත් 375ත් අතර දළ ආදායමකට සමානයි.
ෂාරුක් ඛාන්ගේ මෙතෙක් වැඩිම ආදායම් වාර්තා කළ චිත්‍රපට දෙකක් වන Pathaan සහ Jawan විදෙස් සිනමා ප්‍රදර්ශනවලින් ඉන්දීය රුපියල් කෝටි 400කට ආසන්න ආදායමක් උපයා තිබුණා.ඒ අනුව, King චිත්‍රපටය විදෙස් වෙළෙඳපොළ තුළ සැලකිය යුතු ලාභයක් වාර්තා කිරීමට නම් එම ආදායම් වාර්තා අභිබවා යාමට සිදුවනු ඇති බව සිනමා විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
ඉතින් මේ King චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රකට බොලිවුඩ් සිනමා අධ්යක්ෂ සිද්ධාර්ත් ආනන්ද් විසිනුයි.2023 වසරේ තිරගත වූ Pathaan චිත්‍රපටයෙන් අනතුරුව ෂාරුක් ඛාන් සහ සිද්ධාර්ත් ආනන්ද් එක්ව කටයුතු කරන දෙවැනි චිත්‍රපටය මෙය වෙයි.
ඉතින් එළැඹෙන දෙසැම්බර් 24 වැනිදා මෙය ලොව පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතයි.

