ඒක සදාකාලින නොමැකෙන ගීත අතර තියෙන ගීතයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

‘අහසට සොඳුරුද සඳ කෙතරම්’ කෙතරම් ගීය බොහෝ දෙනෙකුගේ ආදරයට ලක්වූ ගීතයක් බව විශ්වාසයෙන් කිව හැකි කාරණාවකි. මේ වන විට යුටියුබ් නැරඹුම් වාර මලියන 3 කට අධික ප්‍රමාණයක් නරඹා ඇති ‘අහසට සොඳුරුද සඳ කෙතරම්’ මිහිරි වූ ගීතයක අයිති කරුවෙක් වන කාශ්‍යප දිසානායක සාරවිට අපි මෙලෙස කතාබහකට එක්වුනා.

කොහොමද මේ දවස්වල ජීවිතේ?

මේ දවස්වල ඇත්තටම ලගදී Production එකක් කරපු නැති නිසා ලගදිම සිංදුවක් ශ්‍රාවකයන්ට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ වැඩ මේ වෙනකොට කරගෙන යනවා. ඒ වගේම මේ වෙනකොට මම තවත් සින්දු තුන හතරක්ම කරලා තියෙනවා. ඉතින් මේ දවස්වල කට්ටිය බලන් ඉන්න නිසා ඉක්මනින්ම සිංදුවක් ලබාදෙන්න කටයුතු කරනවා. කොහොමත් මාර්තු, අප්‍රේල් වගේ වෙනකොට සිංදුවක් Relese කරන්න බලාගෙන ඉන්නවා. ඒ වගේම මේ අවුරුද්දේ තව නිර්මාණ කිහිපයක්ම එලිදන්වන්න තමයි ඉනනේ.

ඉතා හොද ප්‍රතිචාර ලැබෙමින් තියෙනවා නේද ඔබේ අහසට සොදුරුද සඳ කෙතරම් ගීතයට?

ඔව්. එක් ඇත්තමට ලංකාවේ බිහිවුන ගීතවලින් ගත්තහම සදාකල් නොමැකෙන ගීත අතර තිබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම කිසිම ප්‍රචාරනයකින් තොරව තමයි ඒ ගීතය ප්‍රක්ෂකයන් බලන්නේ. ඉතින් ඒ  වගේ ගීතයක හිමිකාරිත්වය දරණ එක ගැන මට හරිම සතුටුයි. ඒ හින්දා තමයි ශ්‍රාවකයෝ අදටත් මගේ සිංදු අහන්න බලන් ඉන්නේ. ඒ ගැන සතුටුයි ඉතින් මට.

අහසට සොදුරුද සද කෙතරම් ගීතය ඒ කාලේ තිබුන ජනප්‍රිය තාවය වගේම දැනටත් ලැබෙන ප්‍රතිචාර ගැන ඔබ මොකද හිතන්නේ?  

මේ ගීතයේ තියන විශේෂත්වය තමයි මම තවම රීමේක් එකක් කරලත් නෑ. ඒ තියෙන සිංදුවමයි තියෙන්නේ. ඒකයි මම කලින් කිව්වේ ඒක සදාකාලින නොමැකෙන ගීත අතර තියෙන ගීතයක් කියලා. මේකේ පොඩි වෙනසක් තියෙනවා ගීතය පරනම මියුසික්වලින් තියෙන ගීතයක් නෙමෙයිනේ. ඒක ගොඩ කාලෙකට ගැලපෙන මියුසික් ඇරේන්ජ්මන් එකක් තියෙන ගීතයක්. කාලේන් කාලෙට music industry එකත් වෙනස් වෙනවනේ කාලෙන් කාලෙට එක එක ට්‍රෙන්ඩ් එනවා ඒ මොන ට්‍රෙන්ඩ් ආවත් මේ සිංදුවේ තියෙන විශේෂත්වය තමයි නව පරම් පරාව වගේම ඊට කලින් පරම්පරාවත් එක සමානව මේ සින්දුව වැලදගන්න එක.

එම ගීතය නිර්මාණය වීම සහා රූපරචනයේ අත්දැකීම් ගැන මතක්කරොත්?

අපි මේකේ රූගතකිරීම් දවස් හතරක් විතර කරා. ඊට අමතරව අපි මේකේ මියුසික්වලට ඔකෙස්ට්‍රා විදයට තමයි මියුසික් කරේ. අපි වයලීන් ගහන අය උනත් හතර දෙනෙක් එකට ගෙන්නලා තමයි අපි මේ වැඩේ කරේ. ලංකාවේ ගොඩදෙනෙක් සාමාන්යෙන් කරන්නේ එක්කෙනෙක් එක පාර ගෙනත් ගහනවා නැත්නම් ඒක ඩබල් කරණවා අපි එහෙම නෙමෙයි අපි මේක ඔකෙස්ට්‍රා එකක් වියට තමයි මියුසික් කරේ. ඒ නිසා තමියි ප්‍රේක්ශකයන් මේ ගැන දන්නැති උනත් මේ සිංදුව මේ තරම් වැලද ගන්න හේතුව වෙන්නත් ඇත්තේ.

ඒකාලේ සංගීත ක්ෂේත්‍රය හා දැන් තත්වය ගැන මොකද හිතන්නේ?

ඒක ඉතින් මෙහෙමයි කාලෙන් කාලෙට වෙනස් වෙනවනේ. අපි එන කාලෙත් අපිටත් ගොඩක් අභියෝග තිබ්බා අපි ඔය සිංදුව කරන කාලේ ගොඩක් අභියෝග තිබ්බා දැනටත් වඩා.  දැන් ඉතින් සිංදුවක් කරලා යූටියුබ්වගේ දේවල්වලින් ප්‍රචාරණය කරගන්න පුලුවනනේ. ඒ කාලේ අපිට හරිම තරඟකාරීත්වයක් තිබුනා ගීතයක් කරලා ඒක ප්‍රචාරය කරගන්න ක්‍රමවේදයක් තිබ්බේ නැහැනේ ඒ නිසා අපි TV චැනල් එකකට හරි  FM  හරහා තමයි ප්‍රචාරණය කරගන්න ඕනේ ඒකෙදී ඉතින් තරඟ කාරීත්වය වැඩී. මම එන කාලේ ට්‍රෙන්ඩ් එක වෙනස්වීගෙන එන කාලේ ආවේ ඉතින් ඒ තරඟ කාරීත්වයට ඔරොත්තු දෙන ගීතයක් නිර්මාණය උන නිසා තමයි මේ වගේ ජනප්‍රියතාවයක් තියාගන්න පුලුවන් උනේ. ඒකෙන් අපිට කියන්න බෑ ඒ කාලේ ගොදයි දැන් නරකයි කියලා. ඒ ඒ කාලේට ගැලපෙන හොද නිර්මාණ කිරන්න පුලුවන්නම් සදාකාලිකව රැදෙන්න පුලුවන්.

කාලයක් ඔබ නිහඩව සිියා නේද? 

මම කාලයක් ලංකාවේ හිටියේ නෑ ඒකත් එක්ක තමයි ටිකක් නිහඩව හිටියේ. ඊට පස්සේ මෑත කාලේ මම නිර්මාණ කිහිපයක් කරා නමුත් පලවෙනි එක තරම් ජනප්‍රිය උනේ නෑ. ඒ උනාට මම හිතනවා මේ අවුරුද්දේ මම කර‍න්න ඉන්න වැඩවලින් ලොකු වෙනසක් වෙයි කියලා. හොද නිර්මාණ ටිකක් තමයි මේ අවුරුද්දේ මම එලිදක්වන්න ඉන්නේ. මම දැන් උත්සහා කරන්නේත් ඒ වගේ පිරිසක් වැලදගන්න නිර්මාණ ඉදිරියට කරන්න තමයි.

ඉදිරියේදි ඔබේ වැඩකටයුතු කොහොමද?

ඉදිරි වැඩකටයුතු තමයි  තව මාස කිහිපයක් යනකොට මගේ අලුත් ගීතයක් එනවා. ඒ වගේම සමාජ මාධ්‍යවල වැඩ ටිකක් වැඩි කරලා ප්‍රේක්ෂකයන් අතරට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.  මගේ ගීත අහන පිරිසට හොද නිර්මාණ ලබාදීලා ඒ පිරිසගේ හිත් කඩන්නේ නැතිව ඉදිරි වැඩ කටයුතු ටික කරන්න තමයි මගේ බලාපොරොත්තුව.

සුපුන් උදයංග