ක්‍රිකට් ක්‍රීඩක චාමිකට වරෙන්තු

ගුවන් නියමුවරියකගේ බඩට ළමයෙක් දීලා කර ඇරියේයැයි කියන ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇත්තටම ළමයාගෙ තාත්තා නම් චාමික කළේ මහ අලුගුත්තේරු වැඩක්....
ඇත්තටම ඇය ඉල්ලුවෙ තමන් විවාහ කරගන්නවත් ළමයා වෙනුවෙන් නඩත්තුවක්වත් නෙවෙයි .ළමයා අවජාතකයෙක් කරන්න බැරි උතුම් හිතුවිල්ල පෙරදැරිව දරුවගෙ උප්පැන්නයට නම දෙන්න කියලා විතරයි.පීතෘත්වය නොපිළිගන්නේනම් ඇය ඒ බව ඔප්පු කරන්න ඩී.එන් .ඒ පරීක්ෂණයක් ඉල්ලුවා ....
චාමික ඒ ඔක්කොම හමුවෙ රැක්කෙ නිශ්ශබ්දතාවක් ....
දැන් වැඩේ පත්තුවෙලා....
නඩත්තු නඩුවට අධිකරණයේ පෙනී නොසිටි චාමික කරුණාරත්න අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක නියෝග කළා.
සිය දරුවා සඳහා නඩත්තු මුදල් ගෙවන ලෙස ඉල්ලා ගුවන් නියමුවරියක විසින් ගොනුකර තිබූ පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී චාමික කරුණාරත්න අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
නඩුව නැවත ජනවාරි මස 04 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
