ජනගීත ගායනා තරගයට ගියොත් අනිවාර්යයෙන්ම දිනනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පොඩි කාලේ ඉඳලා මම අවුරුදු උත්සව වල තියෙන ජන ගීත ගායනා තරගවලට සහභාගි වෙනවා. මගේ නංගිත් එහෙමයි අපි දෙන්න අවුරුදු උත්සවය හොයාගෙන ගිහින් ජන ගීත ගායනා තරගයට ඉදිරිපත් වෙලා ජයග්‍රහණ අරගෙන තියෙනවා. එක සැරයක් මගේ ආච්චි ඉන්න ගමේ තිබුණ අවුරුදු උත්සවයක ජන ගීත ගායනා තරගයකට සහභාගි වුණා. මගේ මතකය හැටියට ඒ 2018 වසරේ. මම හිරු ස්ටාර් රියලටි තරගයට සහභාගි වුණ කාලේ. ඉතින් හවස ජන ගීත ගායනා තරගයට සහභාගි වෙලා එකෙන් ජයග්‍රහණය කරලා එදා රාත්‍රියේම ඒ අවුරුදු උත්සවයේම තිබුණ සංගිත ප්‍රසංගයට මම ගායන ශිල්පිණියක් විදිහට සහභාගි වුණා. ගොඩක් අය එතකොට ඉතින් මාව ලොකුවට දැනගෙන හිටියේ නැහැ. ඒක හොඳට ගියා. ජන ගීත ගායනා තරගවලට නම් පොඩි කාලේ ඉඳලා මම අවුරුදු උත්සවයකට ගියොත් සහභාගි වෙනවා. දැන් නම් ඉතින් ඒවාට යන්න කාලයක් නැහැ. මොකද ගායන ශිල්පිණියක් විදිහට මම දැන් ගොඩක් කාර්යබහුල වෙලා ඉන්න නිසා.