ප්‍රවීණ ගායන ශිල්පියෙකුට අධිකරණයෙන් ලබාදුන් වාරණය නියෝගය මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔහුගේ ගීත... ඇත්තෙන්ම ඒවා හරිම ලයාන්විතයි. ඒ ඒ ලෝකවල තනිවෙන්න, මතක අලුත් කරගන්න මේ ගීත අපට උදව් වුණා. ඒත් මේ කියන්න යන්නේ ඒ තරම් ආදරය කරපු ගීත ගැන අද අධිකරණයෙන් ගත් තීන්දුවක් ගැන කතාවක්. ප්‍රවීණ ගායන ශිල්පී සේනක බටගොඩටට ගීත ගායනා කිරිම වාරණය කරමින් වාරණ ආඥාවක් නිකුත් කරනු ලැබුවා.

ඒ අද (02) දින කොළඹ වානිජ මහාධිකරණය විසින්. ඒ අනුව “අපි කවුරැද, අපි සැනසිල්ලේ, අළු යට ගිනි, රස්තා, හීන වලට පනක් තියෙනවා, හොදම දේ සහ සැනසෙන්නම් මා” යන ගීත ගායනය ගරු අධිකරණය විසින් වාරණය කරනු ලැබුවා. එකී ගීතවල ඒකාබද්ධ පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සංකලනය සිදු කරන ලද සංගීතඥ ජනත් කුලතිලක යන අය විසින් මෙම නඩුව ගොනු කරනු ලැබුවා..

සියලු කරුණු සලකා බැලු වානිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් මෙම වාරණ නියෝගය සේනක බටගොඩට එරෙහිව නිකුත් කරනු ලැබුවා. තවද පැමිණිලිකරුගේ ලිඛිත අවසරයකින් තොරව එකී ගීත වෙනත් පාර්ශවයන් වෙත ලබා දීමද මහාධිකරණය විසින් වාරණය කළා. පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සදහන් කර සිටියේ ගීත සම්බන්ධයෙන් පවතින බුද්ධිමය දේපල හිමිකම කිසිදු අයෙකුට උල්ලංඝනය කල නොහැකි හිමිකමක් වන බවත් සේනක බටගොඩ විසින් පැමිණිලිකරුගේ බුද්ධිමය දේපල හිමිකම උල්ලංඝනය කර ඇති බවයි. නැවත මෙම නඩුව අප්‍රේල් 16 දින කැදවීමටයි ගරු වානිජ මහාධිකරණය නියෝග කරනු ලැබුවේ.