මී මැසි ආදරේට දවස් තුනක් නොනා හිටිය Angelina Jolie

  • 08-05-2026

ඇන්ජලීනා ජොලී දවස් 3ක් එකදිගට නෑවෙ නෑ

ඇඟ  හේදුවේ නෑ

ඔව් රත්තරන් මූණ හේදුවේවත් නෑ

සබන් , ක්‍රීම්, ෂැම්පු, කන්ඩිෂනර්, Perfium  කිසිම  දෙයක් පාව්ච්චි කළේ නෑ..

ඒ ඇයි මෙයා...

Love එකට බං....

කාටද ? 

ඔයාට එහෙම අහන්න හිතෙනවා නෙහ්....

මී මැස්සන්ට බං ..මී මැස්සන්ට

ඒ ගැන ලෝකය කතා කළේ මෙහෙමයි....

ලෝක ප්‍රකට හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජොලී (Angelina Jolie) 'ලෝක මී මැසි දිනය' (World Bee Day) වෙනුවෙන් National Geographic සඟරාවට කරපු  ෆොටෝෂූට් එක මුළු ලෝකෙම කතාබහට ලක්වුණා.  මේ පින්තූරය  පිටුපස තියෙන්නේ ලෝකයටම දෙන ලොකු පණිවිඩයක්.

මේ ඡායාරූපය ගන්න එක ලේසි වුණේ නෑ. මී මැස්සන්ව කලබල කරන්නේ නැතුව ඇඟ පුරා වහගන්න නම්, ඇන්ජලීනාට හරිම අමුතු නීති මාලාවකට යටත් වෙන්න සිද්ධ වුණා. ඒ තමයි ෆොටෝෂූට් එකට කලින් දවස් තුනක් යනකම් කිසිම විදියකින් නාන්නේ නැතුව ඉන්න එක! ඒ වගේම කිසිම සුවඳ විලවුන් වර්ගයක් (perfume), ෂැම්පු හෝ සුවඳ සබන් වර්ගයක් පාවිච්චි කරන්න ඇයට අවසර ලැබුණේ නෑ. සුවඳවල් වලට මී මැස්සන් කලබල වෙලා දෂ්ට කරන්න තියෙන ඉඩකඩ වැඩි නිසයි එහෙම කළේ.

මී මැස්සන් කන් වලට සහ නාසයට රිංගන එක නවත්වන්න, ඇය තමන්ගේ කන් සහ නාසය සම්පූර්ණයෙන්ම වහගෙනයි හිටියේ. ඒ වගේම මී මැස්සන්ව සන්සුන්ව තියාගන්න විශේෂ රසායනික සුවඳක් (pheromones) ඇගේ ඇඟේ ආලේප කරලා තිබුණා

ඇය මේ මරණීය අවදානම ගත්තේ, ලෝකයේ මී මැස්සන් ආරක්ෂා කිරීමේ වැදගත්කම ගැන මුළු ලෝකෙටම කියාදෙන්නයි. ඒ වගේම ඇය UNESCO සහ Guerlain ආයතන එකතුවෙලා ලෝකය පුරා ඉන්න කාන්තාවන්ව මී මැසි පාලනයට යොමු කරන "Women for Bees" කියන සුවිශේෂී වැඩසටහනේ ප්‍රධාන නියෝජිතවරිය (godmother) විදියටත් කටයුතු කරනවා.

මේක නිකම්ම නිකන් වයිරල් ඡායාරූපයක් නෙවෙයි... මේ ලෝකයේ පැවැත්මට අත්‍යවශ්‍යම කරන මේ පුංචි සත්තු සහ මිනිස්සු අතර තියෙන බැඳීම ලෝකෙටම පෙන්නපු ඉතාමත් නිර්භීත අවස්ථාවක්