
බොලිවුඩයේ සුපිරි තරුවක් වන දීපිකා පදුකෝන් දැන් අට මස් ගැබිනියක් . දෙවැනි දරු ප්‍රසූතියට සූදානම් වෙමින් ඉන්න දීපිකා ඇයගේ අලුත්ම සිනමා නිර්මාණය වන Raaka හි රූගත කිරීම්වල මේ වෙද්දී නියැලෙනවා. සැප්තැම්බරයේ දෙවැනි දරුවා ලෝකයට ගේන්න සූදානම් වෙන දීපිකා ඊට ඉස්සර චිත්‍රපටයේ එයාට අදාළ දර්ශන රඟපා අවසන් කිරීමට තමයි ලෑස්ති වෙන්නෙ.
" නිෂ්පාදන කණ්ඩායමට සමීප ආරංචි මාර්ගයකට අනුව, අට මස් ගැබිනියක්ව සිටියද දීපිකා රූගත කිරීම් සඳහා දිගු වේලාවක් කට්ටලයේ රැඳී සිටින අතර, අවශ්‍ය අවස්ථාවල රාත්‍රිය දක්වාත් වැඩ කරමින් සිටිනවා. ඇයගේ මෙම වෘත්තීය කැපවීම පිළිබඳව රූගත කිරීම් කණ්ඩායමද දැඩි ප්‍රසාදයකින් පසුවන බවයි වාර්තා වන්නේ.
මාතෘත්වයත් සමඟ සිය වෘත්තීය වගකීම් සමබර කරගනිමින් දීපිකා දක්වන මෙම කැපවීම මේ වන විට බොලිවුඩයේ කතාබහට ලක්ව ඇති අතර, Raaka චිත්‍රපටයේ ඇයගේ රංගන කොටස් මේ මාසය තුළ අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද Filmfare වාර්තාව සඳහන් කරනවා."
දීපිකා පදුකෝන්ගෙ ප්‍රසංශනීය කැපකිරීම ගැන ඉන්දියානු මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ එහෙමයි .
Trending News
Events
කේක් සහ නළුකම කවදාවත් මට අත්හරින්න බෑ
- 25-09-2026
තායි අහස යට ලියූ කවි මහවැලියේදී සහෘද තුරුලට
- 24-09-2026
ජිගලෝ රිදී තිරයට
- 18-09-2026
Travel
සිහිල් සුළං මැද්දේ - දියත වැවේ හැන්දෑවක්
- 20-08-2026
කොග්ගල කලපු දියෙන් එහා ඉමට
- 16-07-2026
පඩි 272 ක් නගින්න -මැලේසියාවේ යන්න
- 21-04-2026
