රවී රොයිස්ටර්ගේ ගීතයක් ඉන්දීය සිනමාවට - ’Vethala’නමින් එළිදැක්වෙයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මෙරට අතිශය ජනප්‍රිය ගායකයෙක් වන රවී රොයිස්ටර්ගේ ගීතයක් ඉන්දියාවේ සිනමාපටයක් සඳහා තෝරා ගෙන තිබෙනවා.
ඒ ඔහු හා දිමිත්‍රි එක්ව නිර්මාණය කරන ලද, Youtube අවකාශය තුළ නැරඹුම්වාර සංඛ්‍යාව මිලියන 10කට ආසන්න සංඛ්‍යාවකට උරුමකම් කියන ‘passa’ ගීතය මේ වන විට ඉන්දියාව තුළත් ජනප්‍රිය වීමත් සමගය.

ඒ අනුව ඉන්දියානු ජනප්‍රිය නළු විජේ ඇන්තනීගේ නවතම සිනමා නිර්මාණය වන “Romeo” චිත්‍රපටයේ එක් ගීතයක් ලෙසට මෙම ගීතය එක් කරගෙන තිබෙනවා. ලොව සුප්‍රසිද්ධ සංගීත සන්නාමයක් වන Think Music India සමග එක්ව රවී රොයිස්ටර්ගේ මෙම ගීතය දමිළ භාෂාවෙන් ”Vethala” යන නමින් පසුගියදා එළිදැක්විය.

විශේෂත්වය වන්නේ එම ගීතයේ පද රචනය ජනප්‍රිය නළු විජේ ඇන්තනී විසින් සිදුකරද්දී එය දමිළ භාෂාවෙන් ගායනා කිරීමට රවී රොයිස්ටර්ටම අවස්ථා ලැබීමය.  “Vethala” ගීතය Youtube අවකාශයට මුදාහැර දින 2ක් තුළ එය නැරඹුම්වාර මිලියන 2කේ සීමාව පසු කළේය.