ලංකාවේ අසරණයින්ට උදව් කරන පිළිපිනයේ උපාසිකාව එමිලි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වසර ගණනාවක් මුළුල්ලේ සිට ලංකාවේ අසරණ ජනතාවට තමන් උපයාගත් ධනයෙන් උදව් උපකාර කරන විදෙස් කාන්තාවක් කෙරෙහි මෙවර අපගේ අවධානය යොමු විය. ඇය නමින් එම්ලි ගොන්සාලිස්ය. පිළිපිනයේ උපත ලැබු උපන් එමලි තරුණ වයසේ සිටම අනුන් කෙරෙහි දයාව අනුකම්පාව දැක්වූ කාන්තාවකි. වාර්ෂීකව ශ්‍රී ලංකාවට පැමිණ අසරණ මිනිස්සුන්ගේ දුක්ගැහට වෙනුවෙන් උදව් උපකාර කරන එමිලි ගැන ඔබට පවසන්නයි මේ අපේ සූදානම.

මෙවර අපගේ අවධානය යොමු වූයේ ලංකාවේ දිළිඳු ජනතාවට තමන් උපයාගත් ධනයෙන් වසර ගණනාවක් මුළුල්ලේ සිට උදව් උපකාර කරන විදෙස් කාන්තාවක් වෙතය. ඇය නමින් එමිලි ගොන්සාලිස්. පිළිපිනයේ උපන් එමිලි උපතින්ම කතෝලික දහම අදහන කෙනෙකි. වසර ගණනාවක් මුළුල්ලේ සිට ලංකාවේ සිටින දිළිඳු ජනතාවට උදව් උපකාර කරන ඇය සම්බන්ධව දිග හැරෙන කතිකාවකි මේ.
එමිලි ගොන්සාලිස් උපාසිකා මාතාව ශ්‍රී ලංකාවට මුලින්ම සිය ආධාර ලබා දෙන්නට කටයුතු කර තිබුණේ 2021 හා 2022 කාලසමයේදිය. ඒ ලංකාවේ පමණක් නොව ලෝකයේම කොවිඩ් වසංගත තත්ත්වය දරුණුව පැවති අවධියේදිය. රත්නපුර ප්‍රදේශයේ තෝරාගත් විහාරස්ථානවල වෙසෙන භික්ෂුන් වහන්සේලට අවශ්‍ය කරන කෑම බීම හා අනෙකුත් පහසුකම් ඇයගේ මුල්ම ආධාර තොගය විය. එමිලි මෙසේ ලංකාවට ආධාර ලබා දෙන්නට කටයුතු කර තිබුණේ තිරිවාණකැටිය මූලමහා විහරාස්ථානයේ වැඩවසන අම්බවිල සාරද ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම යටතේය.

"එමිලි උපාසක මාතාව මට මුලින්ම මුණ ගැහුණේ තායිලන්තයේ මම අධ්‍යාපනය ලබමින් ඉන්න කාලේ. ඊට පස්සේ අපි මුහුණ පොත හරහා දිගින් දිගටම සම්බන්ධ වෙලා තොරතුරු හුවමාරු කරගත්තා. ඇයට ලොකු අවශ්‍යතාවයක් තිබුණා ලංකාවේ අසරණ මිනිස්සුන්ට වගේම විදිමත් ලෙස නොදියුණු විහාරස්ථාන හා එහි වැඩ වෙසන භික්ෂුන් වහනසේලාට උදව් කරන්න. කොවිඩ් වසංගතය මැද අපේ ගම් ප්‍රදේශවල ජනතාව ගොඩක් අසරණ වුණා. ඒ වගේම මා වැඩවසන විහාරස්ථානය ඇතුළු තවත් විහාරස්ථාන කිහිපයක අධ්‍යාපනය ලබන කුඩා භික්ෂුන් වහන්සේලාත්. එමිලි උපාසිකා මාතාවත් එක්ක මේ ගැන කතා කරන කොට ඇය අපිට උදව් කරන්න මුලීකත්වය ගත්තා. ඒ තමා ඇයගේ මේ පුණ්‍ය කටයුත්ත ආරම්භය වුණේ. එතැන් සිට වසර ගණනාවක් මුළුල්ලේ ඇය මා වෙසෙන ගම් පළාතේ ජනතාවට උදව් උපකාර කරනවා."

එමිලි ගොන්සාලිස් උපාසිකා මාතාව මේ වනවිට ශ්‍රී ලංකාවට කිහිප වරක් පැමිණ තිබෙන අතර, අවසන් වරට පැමිණි අවස්ථාවේදී රත්නපුර ප්‍රදේශයේ තෝරාගත් අඩු ආදායම් පවුල් 250කට වියළි ආහාර මළු ප්‍රදානය කරන්නට කටයුතු කර තිබුණි. එමෙන්ම රුපියල් 2500ක් වටිනා ශිෂ්‍යධාර ප්‍රමාණයක්ද ඇය විසින් එම ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන පාසල් දරුවන් රාශියකට පිරිනමන්නටද කටයුතු කර තිබුණි. එය නොකඩවා එම්ලි විසින් වසර කිහිපයක් තිස්සේ සිදුකර තිබිමද විශේෂත්වයකි. එමෙන්ම වාර්ෂිකව මෙම වියළි ආහාර මළු බෙදාදිම, අසරණ දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු නිසියාකාරව කර ගෙන යන්නට ශිෂ්‍යධාර පිරිනැමිම මෙන්ම විඳිමත් ලෙස නඩත්තු නොවන රත්නපුර ප්‍රදේශයේ විහාරස්ථාන වැඩි දියුණු කරන්නටද ඉදිරි වසර කිහිපය තුළදීද කටයුතු කරන්නට එමිලි සැළසුමකින් පසුවෙයි.

උපතින්ම ක්‍රිස්තියානු ධර්මය අදහන්නෙකුව සිටි එමිලි ගොන්සාලිස් උපාසිකා මාතාව තිරිවාණකැටිය මූලමහා විහරාස්ථානයේ වැඩවසන අම්බවිල සාරද ස්වාමින් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ බුද්ධාගම පිළිබඳව පැහැදි එය අදහන්නටද මේ වනවිට කටයුතු කර ඇත. අවස්ථා කිහිපයක්ම ලංකාවේ සංචාරය කළ එම උපාසිකා මාතාව දැනට බුද්ධ ධර්මය පිළිබඳව මනා අවබෝධයකින්ද පසුවෙයි.

බුද්ධික සේනාධීර