ශක්ති ටීවි නව රියලැටි පෙරළිය ’ශක්ති Crown’ සෑම සති අන්තයකම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

විසිපස් වසරක් මෙරට මාධ්‍ය ක්ෂේත්‍රය තුළ නව මං පෙත් විවර කළ ශක්ති ටීවි නාලිකාව මෙරට ලාංකිකයන්ගේ සැඟවුණු කුසළතා හඳුනගනිමින් එයට ජාත්‍යන්තර තලයේ පිළිගැනීමක් ලබා දීමට විවිධ වැඩසටහන් නිර්මාණය කල අතර ඒ අතරින් ශක්ති සුපර්ස්ටාර්, ශක්ති  ජූනියර් සුපර්ස්ටාර්, ඉසෙයි ඉලවරසර්කල්,  ග්ලෝබල් ස්ටාර්, ශක්ති සුපර්ස්ටාර් ප්‍රිමියර් ලීග් සහ ඉසෙයි මහා යුත්තම් යන කැපී පෙනෙන වැඩසටහන් තුළින් මෙරට සංගීත ක්ෂේත්‍රයට දක්ෂ ගායක ගායිකාවන් රාශියක් හඳුන්වාදුන්නා දෙන ලදි. මෙලෙස රියලිටි කලාවේ නව පෙරළියක් ඇති කල ශක්ති ටීවී නාළිකාවේ මීලග රියැලිටි පෙරළිය වන ශක්ති Crown හී මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා (09) රත්මලාන Stein Studios හීදි පැවැත්වුණි.

ශක්ති Crown යනු ජාත්‍යන්තර තලයේ ප්‍රමිතීන්වලට අනුව නව පරපුරේ ආධුනික ගායික ගායිකාවන් හට සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට අවශ්‍ය අඩිතාලම ලබා දීමේ පරමාර්ථය පෙර දැරි කරගෙන ක්‍රියාත්මක කරන වැඩසටහනක් වන අතර, රට පුරා විසිර සිටින ගායන හැකියාවන් ඇති දක්ෂයින් හඳුනා ගනිමින් ඔවුන් වෙනුවෙන්ම ඉදි වූ සුවිසල් වේදිකාවේ ගීත ගැයීමට අවස්ථාව ලබාදෙන මෙහි මූලික හඩ පරීක්ෂණ පසුගිය 08 වැනිදා ආරම්භ කරන ලදී.

මෙම තෝරාගැනීම් වටයෙන් අනතුරුව වේදිකාවේදී ගායක ගායිකාවන්ගේ දක්ෂතා හඳුනා ගනිමින් ඔවුන් ඉදිරියට ගෙන යෑමේ කර්තව්‍යය මෙරට සංගීත  ක්ෂේත්‍රයට නව මුහුණුවරක් එක් කළ සාහිත්‍යා ගජමුගන්, චන්ද්‍රෘ රාජසූරියර් සමගින් ශ්‍රී රාම් සච්චි විසින් දායකත්වය දක්වනු ලබන අතර, ශ්‍රී ලංකාවට සංගීතය හරහා ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් ලබා දුන් වාගීසන් සිවනාදන්,  භානු තීපන් සහ මදුශ්‍රී ආදිත්තන් වැඩසටහනේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරනු ලබයි මෙහි වැඩසටහන තරුණ තරුණියන්ගේ සිත් දිනාගත් ඒ.ආර්. යශෝදරන් සහ යොවුන් ගායිකා මාදු වී විසින් මෙහෙය වනු ඇති අතර ශක්ති Crown සෑම සති අන්තයකම රාත්‍රි8.30ට ශකති ටීවි තුළින් නැරඹීමට හැකියාවද ඇත.