සංගීත පුටු තරගයට ගියොත් අනිවාර්යයෙනම්ම දිනනවා මම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇත්තටම මම හැම ජන ක්‍රීඩාවකටම සහභාගි වෙන්නේ නැහැ. හැබැයි දෙහි ගෙඩිය හැන්ද මත තියාගෙන යාම හා සංගීත පුටු තරගයට මම අවුරුදු උත්සවයක් තිබුණත් අනිවාර්යෙන්ම සහභාගි වෙනවා. මොකද, මම කැමතිම ජන ක්‍රීඩා දෙක ඒක නිසා. සංගීත පුටු තරගයකට ගියොත් මම හැමදාම ජයග්‍රහණයක් ගන්න කෙනෙක්. අන්තිමට ඒ වගේ මම ජන ක්‍රීඩා තරගයකට කියලා සහභාගි වුණේ මෙවර ස්වර්ණවාහිනියෙන් පවත්වපු අවුරුදු උත්සවයේදී. එහිදි මට අමතක නොවන සිදුවීමකුත් වුණා. අපේ ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන හෂිණිකා කරලියැද්ද අක්කා මාත් එක්ක අවසන් කිහිප දෙනා අතරට ආවා. එයා විහිළුවට වගේ මම පුටුවේ වාඩිවෙන්න හදන කොටම ඒක ඇද්ද. කිහිප වරක් ඒකම කරා. මට ගොඩක් කෙන්ති ගියා. මොකද මම ඊට කලින් එහෙම කරලා බිට වැටුණ වෙලාවේ කොන්ද බිම ඇනිලා රිදෙන්න ගත්තු නිසා. මම ඉතින් ආපු ආවේගයට එයාට හොඳටම බැන්නා. පස්සේ හෂිණිකා අක්කාට දුක හිතිලා කිහිප සැරයක් මගෙන් සමාව ඉල්ලුවා. පස්සේ තමයි මටත් වැටහුණේ මම කරපු දේ හරි නැහැ කියලා. මමත් ඇයට ඊට පස්සේ කතා කරලා මම කරපු දේට සමාව ගත්තා.