සුබ පණිවිඩයක් එක්ක උපන්දිනය දවසේ සඳුන්ගේ සතුට දෙගුණ තෙගුණ වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඔහු ගායන ලොව තුළ අතිශ්‍යය ජනප්‍රිය චරිතයක්. ඒ වගේමයි ඔහු හොඳ මනුස්සයෙක්. ඒ නිසාම වෙන්න ඇති මේ වගේ ඔහුට විශේෂ දිනයක මේ වගේ සුබ පණිවිඩ අහන්න ලැබෙන්නේ. සඳුන් පෙරේරා. අරාබි කුමාරි ගීතය හරහා ඔහු ගැන ගොඩක් දෙනෙක් පසුගිය දවස්වල කතා වුණා. කොහොම වුණත් අද සඳුන්ගේ උපන්දිනය. ඉතින් හැම පැත්තෙන්ම ගලාගෙන එන උපන්දින සුබපැතුම් අතරේ, සඳුන්ට තවත් සුබ පණිවිඩයක් අහන්න පුළුවන් වෙලා. ඒ තවත් සම්මාන රාතියකට ඔහු නිර්දේශ වුණ පුවතක්.

මේ ඒ ගැන ඔහු මුහුණු පොතේ පළ කළ සටහනක්..

"Another Dream Birthday
අද උපන්දිනය දවසේ තවත් සුභ ආරංචියක් ජීවිතයට ලැබිලා! අද රාත්‍රියේ පැවැත්වෙන Slim Kantar Peoples Awards 2024 සම්මාන උළෙලේ නොකඩවා තුන්වෙනි වතාවටත් Peoples Youth Choice Male Singer සහ Peoples Male Singer සම්මාන ද්විත්වය වෙනුවෙන් ඔයාලගෙ ආදරයෙන් නිර්දේශ වෙලා! ගිය වසරේ Youth Choice සම්මානය දිනාගත් සතුට නිම කරන්න තවමත් බැරි මොහොතක තවත් සිහින රාත්‍රියකට මා කැන්දාගෙන ආ ඔබටත් Slim සහ Kantar ආයතන වලටත් මුළු හදවතින්ම ස්තූතියි!!! "