සරම කඩන් වැටුණ නිසා ගෝනි පැනලා දිනන්න මට බැරිවුණා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ සිද්ධිය සිදුවුණේ රූපවාහිනි නාළිකාවක් විසින් සංවිධානය කරපු අවුරුදු උත්සවයකදී. මම සහභාගි වුණේ ගෝනි රේස් තරගයකට. සරමකුත් ගහගෙන වැඩේට බැස්ස නිසා මේක ලොකු අභියෝගයක් වුණා මට. කොහොම හරි තරගය පටන් අරගෙන මමත් ගෝනියට බැහැලා පැන පැන දිව්වා. දිනන්න ඔන්න මෙන්න තියෙද්දි මම ඇදගෙන හිටිය සරම කඩන් වැටුනා. දැන් ඉතින් කරන්න දේකුත් නැහැ. සරමද ගෝනියද අල්ලගන්නේ කියලා මට හිතාගන්න බැරිවුණා. කොහොම හරි ඉතින් අන්තිමට ගෝනිය අත්හැරලා කැඩෙන්න ගිය සරම මම අල්ලගත්තා. හැබැයි ඉතින් එක මට දිනන්න ඔන්න මෙන්න තිබුණ අවස්ථාවක් නැති කරගත්තා වගේ දෙයක් තමයි වුණේ. මට ඔය සිදුවීම නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අවුරුදු කාලේට. කොහොමත් අවුරුදු උත්සවයට මම ඔය වගේ විනෝද ජන ක්‍රිඩා තරගවලට අනිවාර්යයෙන්ම සහභාගි වෙන කෙනෙක්.