හදගැස්ම මගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණයයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අකිල සඳකැළුම් කුළුඳුලේ අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය නුදුරේම ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත. රංගන ශිල්පියෙක් මෙන්ම තිර පිටපත් රචකයෙකු ලෙස  නිතර කතාබහට ලක්වූ ඔහු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ලෙස සිය රසික් පිරිස් මුණ ගැසෙන්නේ ඔහුගේ මෙම කුළුඳුලේ අධ්‍යක්ෂණය කළ හදගැස්ම චිත්‍රපටය තුළින් වීම විශේෂත්වයකි.

හදගැස්ම කතාව දිගහැරෙන්නේ?

ගොඩක් චිත්‍රපට ගත්තොත් ආදර කතාවකින් තමයි එහි කතාව ගොඩනැගෙන්නේ. ඉතින් මට ඕනා වුණේ වෙනස් විදියේ දෙයක් කරන්න.  හදගැස්මේත් ආදරය තියෙනවා. හැබැයි ඒක හරි ලස්සන ආදර කතාවක් නෙමෙයි. තරුණ යුවළකගේ ආදරය නිසා සතුටින් ජිවත් වෙන ආදරණිය පවුලක් මුහුණ දෙන අනපේක්ෂිත සිදුවීම් පෙළක් ඔස්සේ තමයි  හදගැස්මේ කතාව ගලාගෙන යන්නේ. හැබැයි මේ චිත්‍රපටය පුරාම ත්‍රාසය, කුතුහලය කියන දේ ගැබ්වෙලා තියෙනවා. මම දකින විදිහට මේ චිත්‍රපටය පවුලේ හැමෝටම එකට ඉඳගෙන  බලන්න පුළුවන් ලස්සන අනුවේදිනිය කතාවක් කියලා.  

අකිලගේ කුළුඳුල් අධ්‍යක්ෂණය මේ?

ඔව්, හදගැස්ම මගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි. නමුත්, මම මුලින්ම මේ ක්ෂේත්‍රයට එන්නේ කාර්මික ශිල්පියෙක් විදිහට. ඊටත් පස්සේ තමයි රංගන ශිල්පියෙක් වෙන්නේ. හිරිපොද වැස්ස, ඩොක්ටර් නවරියන් චිත්‍රපටවලත්, කිදුරංගනා, ආදරණිය පුර්ණිමා, ආදර වසන්තය, ගැහැණු ළමයි, බොද මිදුම් ඇතුළුව ටෙලිනාට්‍ය 40කට විතර මම පස්සේ මම රංගනයෙන් දායක වුණා. රංගනය කරන අතරේම මම පසු තිර රචකයෙක් විදිහට වැඩ කළා. පස්සේ ටෙලි නාට්‍යය අධ්‍යක්ෂණයටත් යොමු වෙලා මම ටෙලි නාට්‍යය කිහිපයක්ම නිර්මාණයත් කළා. කොහොම වුණත් මගේ හීනේ වුණේ සිනමාව. වසර ගණනාවක් තිර පිටපත් කිහිල්ලේ ගහගෙන නිෂ්පාදකවරුන් පස්සේ ගියත් අවස්ථාවක් ලැබුණේ නැහැ. වාසනාවට මගේ හැකියාව, දක්ෂතාවය ඉසුරු ෆිල්ම්ස් ආයතනය හදුනා ගත්ත ඔවුන් සමග වැඩ කරන්න ආරාධනාවක් ලැබුණා. ඔය විදිහට තමයි හදගැස්ම මා අතින් නිර්මාණය වෙන්නේ.

හදගැස්මේ අප ප්‍රවිණ හා නවක නළුනිළියෝ රැසක් දකිනවා?

ඔව්, එකට හේතු කිහිපයක් බලපැවා. මගේ පුරුද්දක් තියෙනව වැඩක් කරනවා නම් ඒක හරියට කරන්න ඕනා. නැත්නම් ඒකඅත්හැරලා දාන්න ඕනා.  හදගැස්ම චිත්‍රපටයේ විනාඩියකටත් අඩු තිර  කාලයක් තියෙන චරිතයකට වුණත් මම  තෝරාගත්තේ අපේ රටේ ඉන්න ප්‍රවිණ හා ජනප්‍රියම ශිල්පින් හා ශිල්පිණියන්. නවක නළුනිළි යුවළක් වන නයෝමි පිරිස් සහ නවින් ඩිල්ශාන් සිනමාවට හඳුන්වා දෙන්නේ හදගැස්ම තුළින්. සිනමාවට අලුත් වුණත් මේ දෙන්නා ටෙලි නාට්‍යය රාශියක් රඟපාපු ජනප්‍රිය ශිල්පීන් දෙන්නෙක්. විශේෂයෙන්ම අගය කරන්න ඕනා අර්ජුන කමලනාත් අයියා. ඔහු මේ රටේ ඉන්න අංක එකේ ජනප්‍රිය සිනමා නළුවෙක්. ඒ වගේම හොඳ නිෂ්පාදකවරයෙක්. හදගැස්මේ නිර්මාණය විම පිටුපස ඉන්න යෝද සෙවනැල්ල ඔහු මට පුර්ණ නිදහස ලබාදිලා තිබුණා හදගැස්මට නළුනිළියන් වගේම අනෙකුත් සහය ශිල්පින් තෝරගන්න.

පළමු සිනමා අධ්‍යක්ෂණය ඔබට ලොකු අභියෝගයක් වුණාද?

අපි රුපගත කිරිම් කටයුතු යොදාගත්ත දින කාලසටහන හරියටම ක්‍රියාත්මක වෙමින් නිවැරදිව මෙහි රූපගත කිරිම් කටයුතු නියමිත පරිදි නිමා කරගන්න අපට හැකිවුණා. මගේ පළවෙනි අධ්‍යක්ෂණය විදියට ඒ කාර්යය මට ගොඩක් විශේෂයි. මම හිතන්නේ ඒකට හේතුව මාත් එක්ක හදගැස්මට එකතු වුණ සියළුම කාර්මික ශිල්පීන් සහ නළු නිළියන් පිරිස ලබාදුන්න සහයෝගය. හැමෝම පුදුම වගකීමකින් ආදරෙන් හදගැස්ම සමග එකතු වෙලා වැඩ කළා.

හදගැස්ම අපට කවදද නරඹන්න පුළුවන්?

ඉතා ඉක්මණින් මේ චිත්‍රපටය ප්‍රේක්ෂකයින්ට නරඹනන් පුළුවන් වේවි කියලා මම විශ්වාස කරනවා. පළමු චිත්‍රපටය තිරගත වෙන කාලයේ මම මගේ දෙවැනි නිර්මාණයට සුදානමින් ඉන්නවා දැන්. මේ දිනවල එහි තිර පිටපත මා අතින්  ලියාගෙන යනවා.

පළමු සිනමා නිර්මාණයට ඔබව දිරිගැන්වූ අය කවුද?

විශේෂයෙන්ම කියන්න ඕන මට අධ්‍යක්ෂකවරයා විදිහට ඔලුව නිදහසේ නිර්මාණ කටයුතු කර ගන්න ලොකු නිදහසක් දුන්නා චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන අර්ජූන් කමලනාත් අයියා. ඒ වගේම නිෂ්පාදන කළමනාකරු සම්පත්, මගේ සහය අධ්‍යක්ෂක නිමේෂ්,  කලා අධ්‍යක්ෂණ සුමති, වේශ නිරූපණ ශිල්පි ශාලිත, සංස්කරණ කටයුතු කළ දනාල් වගේම සංගීත අධ්‍යක්ෂණය කළ ලක්මාල් මතක් කරන්න ඕනා. ඒ අතරින් රාජපක්ෂ මහත්තයා රංජිත් සභාපතිතුමා ප්‍රොෆෙසර් කරුණාතිලක  නාලක මහතා. කළුපෙරුම මහතා ඇතුළු නම් නොකියූ බොහෝ පිරිසක් ඉන්නවා මට උදව් කරපු.

බුද්ධික සේනාධීර