එක පියයුරක් බිලියන හත හමාරයි! දෙකම බිලියන 15යි !

පියයුරු දෙකකට එච්චර වටිනාකමක්...
Bra එකකට බිලියන 15ක් ....
ඒ කියන්නෙ එක පියයුරකට බිලියන හත හමාරක්...
මේ කතාව කයිලි ජෙනර් ඇන්ද ලෝකයේ වටිනාම ෆැන්ටසි බ්රා එක ගැනයි.....
ඩොලර් වලින් කියනවනම් ඒ බ්රා එකේ මිල ඩොලර් මිලියන 50 යි.
ඒ Bra එක ලෝකයට එන්නේ වික්ටෝරියා සීක්රට් නිෂ්පාදනයක් විදිහට
ඇත්තටම වික්ටෝරියා සීක්රට් විලාසිතා දැක්ම කරළියට ආවේ වසර ගණනාවකට පසුවයි.
ඔයා දන්නවද ඒ බ්රා එක තමයි එතෙක් මෙතෙක් ලෝකයේ නිර්මාණය වූ වටිනාම ඇඳුම...
මේ බ්රා එක නිර්මාණය කරලා තියෙන්නෙ රත්තරන් සහ වටිනා මැණික් ගල් වලින්
ඔහ්...දෙවියනේ කියලා හිතෙන්නේ මේ බ්රා එකට දියමන්ති 4410ක් එකතු කරලා තියනවා කියලා දැනගනිද්දී.....
බ්රා එකේ මැද එල්ලලා තියෙන්නේ කැරට් 75.54 ක බරකින් යුතු Fancy Vivid Yellow දියමන්තියයි.මෙම දියමන්තියේ වටිනාකම විතරක් ඩොලර් මිලියන 22ක්.
ඔයා දන්නවද මේ බ්රා එක නිර්මාණය කිරීමේ සුවිසල් නිර්මාණ කර්තව්යය පිටුපස Jacob & Co ආයතනයේ ප්රධාන නිර්මාණ ශිල්පී Jacob Arbo ඇතුළු ජ්යේෂ්ඨ නිර්මාණ ශිල්පීන් 15 දෙනෙක් හිටියා.
මේ බ්රා එක නිර්මාණය කරන්න ගිය කාලය පැය 1000ක් .ඒ වගේම පියයුරු චලනයන්ට බාධාවක් නොවන විදිහට ඉතා නම්යශීලීව කිලෝ 18 ක සුදු සහ කහ රත්තරන් යොදා ගෙන තියෙනවා .බ්රා එකේ බර රාත්තල් 4ක්....

මෙච්චර කාලෙකට වික්ටෝරියා සීක්රට් ෆැන්ටසි බ්රා අඳින්න අවස්ථාව ලැබුණේ එහි නිල Angle නිරූපිකාවන්ට විතරයි.ඉතින් ඒ සීමාව ඉක්මවා වෙනත් නිරූපිකාවක්ගේ පියයුරු යුග්මය ඔස්සේ මේ බ්රා එක දිදුලවූ වික්ටෝරියා සීක්රට් පළමු අවස්ථාව මෙයයි.
අනේමන්දා ලෝකය හරි පුදුමයි නේද ?
බ්රා එකකට බිලියන 15ක්
එක පියයුරකට බිලියන හත හමාරක්....
නිරුවත වහගන්න ඇඳුමක් නැති දුප්පතුන්
නිරුවත වහගන්න වැරහැලි අඳින දුප්පතුන්
කවදාවත් අලුත් ඇඳුමක් නොඇන්ඳ දුප්පතුන්
Window Shopping කරලා සැනහෙන මධ්යම
පාන්තිකයින් ලෝකයේ කොච්චරක් ඉන්නවද ?
කෑම පිඟන් පිටින් අහක දාද්දි කුසගින්නට කිරි වීදුරුවක් තරම්වත් දෙයක් බොන්න නැති කුණුබක්කි අවුස්සන අසරණයන් දුප්පතුන් කාත් කවුරුත් නැති මිනිසුන් දරුවන් මේ ලෝකයේ කොච්චරක් ඉන්නවද.......
එහෙව් ලෝකයක බ්රා එකකට බිලියන 15ක්
ඒත් ලෝකයේ රිද්මය එහෙම තමයි බං
අන්ත දෙකක්...
ඒ අන්ත දෙක අතර දුර අසීමාන්තිකයක්
