මැරෙනකම්ම මට ආදරය ඕනෑ... R & D පටන් ගත් දර්ශන් කියයි

  • 25-09-2026

අපි හැමෝම මැරෙන තුරාවට ආදරය හොයනවා

එහෙම කීවෙ දර්ශන් තවරාජා.

 රයිනි චාරුකා එක්ක දර්ශන්ට  කාලයක ඉඳන් ලොකු   පැටලැවිල්ලක් තියෙන බව තමයි ක්ෂේත්‍රයේ හාව හූව යන්නෙ. දැන් දෙන්නත් එක්ක අලුත් වැඩක් පටන් අරන්.

​

​මෙච්චර කල් මේ ඔක්කොම සීන් කෝන් ගැන කට වහගෙන හිටපු දර්ශන් ඕන්න දැන් කට අරින්න පටන් අරගෙන .

​"මැරෙන තුරාවට ආදරය හොයනවා..." 
දර්ශන් එහෙම කියන්නෙ හුඟාක් සංවේදීව.

තර්කයක් නෑ දර්ශන් හුස්මක් වැටෙන අපි හැමෝම ගන්න හුස්මක් හුස්මක් ගානෙ හොයන්නෙ ආදරය.

​
​"අතහැරුණු අවස්ථාත් තියෙනවා. හම්බුණේ නැතත්, හිමි නොවුණත් අපි හැමෝම මැරෙන තුරාවට ආදරය හොයනවා කියලයි මම හිතන්නෙ..."

​
එහෙම කියපු දර්ශන් රයිනි එක්ක අලුත් වැඩක් පටන්ගත්තා.
​ 

දෙන්නා වැඩ ඇල්ලුවේ
 R & D එකෙන් .

​

​"ඔව්, රයිනි මගේ සමීප යාළුවෙක්.අපි දෙන්නාගේ නම් එකතු කරලා  ‘R & D’ නමින් අලුත්ම අධ්‍යාපන ආයතනයක්  ආරම්භ කළා.ඒක හුඟාක් සාර්ථකයි.

​චිත්‍ර කලාව, වෘත්තීය ගායන පුහුණුව (Vocal Training) සහ සංගීත නිෂ්පාදනය (Music Production) ඇතුළු නිර්මාණශීලී ක්ෂේත්‍ර රැසක් මෙම නව ආයතනය හරහා දරුවන්ට සහ තරුණ පරපුරට අපි උගන්වනවා.


ඉතින් හැමදේම සිතූ ලෙසින්ම සුබම වේවා ...

​