එදා රෑ හින්දා රනිල්ගේ පවුල අවුල්
1998 මාර්තු 10 වෙනිදා තාත්තා මියගිය දවසේ ඉඳන් මම තාත්තා වෙනුවෙන් හුඟාක් දේ කළා. ඒ කිසිම දෙයකට මගේ සහෝදරියන් දෙදෙනා සහ අනෙක් සහෝදරයා සම්බන්ධ වුණේ නෑ. විශේෂයෙන්ම "එදා රෑ" චිත්‍රපටය නිර්මාණය කිරීමේදී පවුලේ අනෙක් අය හැසිරුන ආකාරය ගැන මට තියෙන්නේ දැඩි කලකිරීමක්.

චිත්‍රපටය තිරගත වීමත් එක්ක තාත්තාගේ අනෙක් දරුවන්ට චිත්‍රපටය තුළින් හෝ පියාගේ උරුමයෙන් අසාධාරණයක් වී ඇති බවට සමාජ මාධ්‍ය තුළ විවිධ කතාබහ සහ විවේචන එල්ල වෙන්න පටන් ගත්තා. පවුලේ අභ්‍යන්තර ප්‍රශ්න හාරා අවුස්සමින් ඇතැම් පිරිස් ඒවා රසවිඳින බවත්, මා සමඟ ඉරිසියාවෙන් පසුවන පිරිස් පවුලේ අය සමඟ එකතු වී මගෙන් "ඇරියස් කවර්" කර ගැනීමට උත්සාහ කරනවා.
ඒත් උඩ බලාගෙන කෙළ ගහගන්න බැරි නිසා මෙච්චර කල් ඉවසුවා .මට හිතෙනවා මම තවදුරටත් නිශ්ශබ්ද ව ඉන්න එකේ තේරුමක් නෑ කියලා.මේ ඔක්කොගෙම ඇත්ත නැත්ත මිනිස්සු දැනගන්නම ඕනෑ.
ලාංකික සිනමාවේ සියලුම වාර්තා බිඳ හෙලමින් එදා රෑ චිත්‍රපටය තිරගත වෙද්දී රනිල් රනිල් මල්ලවාරච්චිගේ පවුලේ අයගෙන් රනිල් මල්ලවාරච්චිට එල්ල වෙන පීඩනය ගැන රනිල් ඔහොමයි කතා කරලා තිබුණේ.මේ චිත්‍රපටයට නිෂ්පාදකවරු කීප දෙනෙක් ඉන්නවා.ඒ නිෂ්පාදකවරු ඉන්නෙ එංගලන්තය ඔස්ට්‍රේලියාව වගේ රටවල. එදා රෑ චිත්‍රපටයේ මුහුරත වෙනුවෙනුත් එයාල සෑහෙන ගාණක් වියදම් කරලා තිබුණා. ඒක වෙනස් ම ආකාරයේ අමුතුම ලස්සන මුහුරතක්.චිත්‍රපටය ලංකාවත් ලෝකයත් එකසේ රස විඳින නියම බයිස්කෝප් එකක් වෙලා ඒක හිට් එකක් වෙන්න පටන් ගත්තට පස්සේ තමයි රනිල්ට මේ පීඩනය එල්ල වෙන්න පටන් ගත්තේ.රනිල් මල්ලවාරච්චිගේ් මේ චිත්‍රපටය මේ තැනට ගේන්න සෑහෙන මහන්සියක් වුණා.
දැන් චිත්‍රපටය පවුලේ ප්‍රශ්නයක් වෙලා...රනිල් තවදුරටත් කට අරිද්දි වෙන්නේ මොකක්ද වෙලා තියෙන්නේ මොකක්ද කියලා තව කතා එළියට එයි.

