ශ්‍රි ලංකාවෙන් ඔස්කාර් යන්නෙ රිවර්ස්ටන්
ශ්‍රී ලංකාවෙන් ඔස්කාර් යන චිත්‍රපටය මොකක්ද?
සංඛ්‍යාත්මකව කොපමණ චිත්‍රපට සංඛ්‍යාවක් හැදුනත් ඒ චිත්‍රපට නිසා ලංකාවෙ සිනමා ශාලා කොපමණ හවුස් ෆුල් වුණත් ඔස්කාර් යවන්න තරම් කොලිටි එකේ චිත්‍රපටයක් ලංකාවෙ තියෙනවා ද කියන ප්‍රශ්නය හුගාක් දෙනෙක්ට ආවා.

ඔන්න දැන් ඔස්කාර් යවන්න චිත්‍රපටයක් තියෙනවා ....
ඒ ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ රිවර්ස්ටන් චිත්‍රපටයයි.
මේ වෙනතුරු රිවර්ස්ටන් චිත්‍රපටය හිමිකරගත් ජාත්‍යන්තර සම්මාන බොහොමයක් තියෙනවා ....මෑතකදී රුසියානු සිනමා සම්මාන උළෙලකදී රිවර්ස්ටන් හොදම නළුවාට හිමි සම්මානය සහ හොදම අධ්‍යක්ෂණය වෙනුවෙන් සම්මාන දිනා ගත්තා.එහිදී හොද ම නළුවා සම්මානයට පාත්‍ර වුණේ ප්‍රවීණ රංගවේදී ශ්‍යාම් ප්‍රනාන්දු .
ඒ වනතෙක් රිවස්ටන් හිමිකරගත් සම්මාන නාමවලියයි මේ.
Asian Art Film Festival 2026
Best Cinematography- Prabath Roshan
27th Shanghai International Film Festival (SIFF) - (2025)
Best Screenplay- Nilantha Perera / Lalith Rathnayaka
27th Shanghai International Film Festival (SIFF) - (2025)
Best cinematography - Prabath Roshan
· 31st Kolkata International Film Festival (KIFF) - (2025)
Golden Royal Bengal Tiger Award for Best Director - Lalith Rathnayaka
· 43rd Fajr International Film Festival (FIFF) - (2025)
Crystal Simorgh for the Special Jury Award in the Future Frame section
· 36th Singapore International Film Festival (SGIFF) - (2025)
Best Director - Lalith Rathnayaka
· 36th Singapore International Film Festival (SGIFF) - (2025)
Best Actor - Mahendra Perera
Best Actor Nominee- Randika Gunathilaka
Asia Pacific Screen Award
Best Cinematography Nominee- Prabath Roshan
· 23rd Chennai International Film Festival (CIFF) - (2025)
Special Jury Award in the World Cinema Feature Film category
· 32nd Vesoul International Film Festival of Asian Cinema - (2025)
the Golden Cyclo (Cyclo d’Or) Award For Best Film
· 32nd Vesoul International Film Festival of Asian Cinema - (2025)
Prix des Amis d’Émile Guimet Award
· 32nd Vesoul International Film Festival of Asian Cinema - (2025)
Critics’ Jury Special Mention Award
ඉතින් ඔස්කාර් යන රිවර්ස්ටන් ගැන ලියැවුණු සටහනක් තමයි මේ.
.
ශ්‍රී ලාංකේය සිනමාව ඇකඩමි සිනමා සම්මාන උළෙලට (ඔස්කාර්) පිවිසීමේ ඓතිහාසික අවස්ථාව අද සනිටුහන් කෙරුණා. ඒ අනුව 2027 වසරේ පැවැත්වෙන 99 වෙනි ඇකඩමි සම්මාන උළෙලේ (ඔස්කාර්) අන්තර්ජාතික වෘත්තාන්න චිත්‍රපට කාණ්ඩය (INTERNATIONAL FEATURE FILM AWARD CATERGORY) යටතේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් කරන සිනමා නිර්මාණය වනුයේ රිවර්ස්ටන් චිත්‍රපටයයි.
.
ලලිත් රත්නායක විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය නිමන්ති පෝරගේ සහ ප්‍රභාත් රෝෂණ විසින් නිෂ්පාදනය කරනු ලැබුවා. මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, රන්දික ගුණතිලක, ආනන්ද කුමාර උන්නැහේ ඇතුළු පිරිසක් මේ සදහා රංගනයෙන් දායක වුනා.
.
99 වැනි ඇකඩමි සිනමා සම්මාන උළෙල (ඔස්කාර්) නියෝජනය කරන අපේ සිනමා නිර්මාණය තෝරාගනු ලැබුවේ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ මැදිහත්වීමෙන් පිහිටුවා ඇති සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ චිත්‍රපට කලා හා විද්‍යා ඇකඩමියේ අනුමැතිය හිමිවූ ශ්‍රී ලංකා ජාතික ඔස්කාර් තේරීම් කමිටුව (NOSCSL) විසිනුයි.
.
නව දෙනෙකුගේ සමාජිකත්වයකින් සමන්විත තේරීම් කමිටුව විසින් යෝග්‍යතා නිර්ණායක සපුරාලූ සියලුම චිත්‍රපට නැරඹීමෙන් හා සලකාබැලීමෙන් පසුව සිදුකරන ජන්ද විමසීමකින් අනතුරුව, ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වඩාත් යෝග්‍යම චිත්‍රපටය තෝරාගනු ලැබූ අතර, එකී තෝරාගැනීම 2026 සැප්තැම්බර් 28 වෙනි දින, එනම් අද දින නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
.
අශෝක හඳගම මහතා, එම්. ඩී මහින්දපාල මහතා, රවීන්ද්‍ර ගුරුගේ මහතා, අනෝමා රාජකරුණා මහත්මිය, අරුණ ගුණරත්න මහතා, විසාකේස චන්ද්‍රසේකරම් මහතා, ලක්ෂ්මන් ජෝසප් සේරම් මහතා, උදිත ලක්මාල් කහදවාරච්චි මහතා සහ සුදත් මහදිවුල්වැව මහතා එහි සාමාජිකයින් වනවා
.
මේ අතර රිවර්ස්ටන් චිත්‍රපටය 99 වෙනි ඇකඩමි සම්මාන උළෙලේ (ඔස්කාර්) ශ්‍රී ලංකාව නියෝජනය කරන චිත්‍රපටය ලෙස තෝරා ගැනුණේ 2025 ඔක්තොම්බර් මස 01 වෙනිදා සිට 2026 සැප්තැම්බර් මස 30 වෙනිදා දක්වා ශ්‍රී ලංකාව තුළ වූ අවම වශයෙන් එක් සිනමාශාලාවක, අවම වශයෙන් දින 07 ක් අඛණ්ඩව නිෂ්පාදක හා ප්‍රදර්ශකයා වෙත ලාබ උපයාදීමේ අරමුණින් වාණිජ පදනමින් තිරගත වූ චිත්‍රපටය 39ක් අතරින් වනවා.
.
මේ අතරින් රිවර්ස්ටන්, ෆාදර, ක්‍රිකට් සාදු, ඇන්තනී - දෙමළ චිත්‍රපටය, ආයු සහ විහඟ ප්‍රේමය මේ සදහා අයදුම් කර තිබුනා. නමුත් එම චිත්‍රපට අතරින් චිත්‍රපට දෙකක් ඔස්කා නීතිරීති උල්ලංඝනය කර තිබීම, නිසා එම චිත්‍රපට දෙක මේ සදහා සලකා බැලීමට නොහැකි වී තිබෙනවා. එම චිත්‍රපට දෙක වන්නේ ආයු සහ විහඟ ප්‍රේමයයි. එම චිත්‍රපට දෙක කඩකර ඇති නීතිය වන්නේ, ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට පෙර ගුවන් සේවා සමාගම් මගින් හෝ ඩිජිටල් ප්‍රදර්ශනය කර තිබීමයි.
.
එමෙන්ම ධාවන කාලය මිනිත්තු 40 ඉක්මවූ දීර්ඝ ප්‍රබන්ධ වෘත්තාන්න චිත්‍රපටයක් හෝ දීර්ඝ වාර්තා වෘත්තාන්ත චිත්‍රපටයක් හෝ දීර්ඝ සජීවීකරණ වෘත්තාන්ත චිත්‍රපටි පමණක් මේ සදහා සලකා බැලුණා.
.
චිත්‍රපටයේ පටිගත කළ මුල් සංවාද හඬ පටයෙන් සේම සම්පූර්ණ චිත්‍රපටයෙන් 50% ට වඩා වැඩි ප්‍රමාණයක් ඉංග්‍රීසි නොවන භාෂාවකින් හෝ භාෂාවලින් යුක්ත වීම, චිත්‍රපටයේ නිර්මාණාත්මක පාලනය විශාල වශයෙන් (බහුතරය) ශ්‍රී ලාංකේය පුරවැසියන්, ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්, හෝ ශ්‍රී ලංකාව තුළ සරණාගත හෝ නීතිමය රැකවරණ හිමි පුද්ගලයන් මත රඳා පවතින බව තහවුරු කළ හැකි චිත්‍රපටයක් වීම. චිත්‍රපටයේ අධ්‍යක්ෂක හෝ අධ්‍යක්ෂකවරු ශ්‍රී ලාංකේය පුරවැසියන්, ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්, හෝ ශ්‍රී ලංකාව තුළ සරණාගත හෝ නීතිමය රැකවරණ හිමි පුද්ගලයන් වීම. චිත්‍රපටයේ එක් තිර රචකයකු හෝ, ශ්‍රී ලාංකේය පුරවැසියකු, ශ්‍රී ලංකාවේ පදිංචිකරුවකු, හෝ ශ්‍රී ලංකාව තුළ සරණාගත හෝ නීතිමය රැකවරණ හිමි පුද්ගලයෙකු වීම වැනි කරුණු රැසක් මෙහිදී සලකා බැලුණා.
.
එමෙන්ම චිත්‍රපටයේ අනෙකුත් ප්‍රධාන කාර්මික ශිල්පීන් අතුරින් කැමරා අධ්‍යක්ෂක, සංස්කරණ ශිල්පියා, සංගීත අධ්‍යක්ෂකවරයා, ශබ්ද සැලසුම්කරණ ශිල්පියා, වර්ණ සංකලන ශිල්පියා, දෘශ්‍ය ප්‍රයෝග ශිල්පියා, නිර්මාණ සැලසුම්කරණ ශිල්පියා, කලා අධ්‍යක්ෂකවරයා, ඇඳුම් නිර්මාණ ශිල්පියා, අංගරචන ශිල්පියා, නළු නිළිවරණ අධ්‍යක්ෂකවරයා යන ශිල්පීය තනතුරු බහුතර ප්‍රමාණයක් ශ්‍රී ලාංකේය පුරවැසියන්, ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්, හෝ ශ්‍රී ලංකාව තුළ සරණාගත හෝ නීතිමය රැකවරණ හිමි පුද්ගලයන් වීම. චිත්‍රපටයේ අන්තර්ගත ප්‍රධාන සහ සහාය චරිත බහුතර ප්‍රමාණයක් ශ්‍රී ලාංකේය පුරවැසියන්, ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්, හෝ ශ්‍රී ලංකාව තුළ සරණාගත හෝ නීතිමය රැකවරණ හිමි පුද්ගලයන් විසින් රඟ දක්වා තිබිම, චිත්‍රපටයේ මූල්‍ය හිමිකමේ බහුතර ප්‍රමාණයක් ශ්‍රී ලාංකේය පුරවැසියන්, ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන්, හෝ ශ්‍රී ලංකාව තුළ සරණාගත හෝ නීතිමය රැකවරණ හිමි පුද්ගලයන් හෝ ශ්‍රී ලංකාව තුළ සංස්ථාපනය හෝ ලියාපදිංචි කළ සමාගමක්/ ව්‍යාපාරයක් සතුවිය වීම, වැනි කරුණුද මෙහි නීති රෙගුලාසි වලට අයත් වනවා.



