හොර සම්මාන ජාවාරමට එරෙහිව හේමාල් රණසිංහ කට අරියි

  • 29-09-2026

ශ්‍රී ලංකාවේ සිදුවන මේ සම්මාන විකිනීමට (Award Ceremony Mafia) එරෙහිව අදාළ බලධාරීන් වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි! මෙතනදී අපිට නැතිවෙන්නේ සම්මානයක තියෙන විශ්වසනීයත්වය විතරක් නෙමෙයි, මුළු රටේම සහ ජනතාවගේම තත්ත්වයයි..." 


සිනමා රංගවේදී හේමාල් රණසිංහ මේ ප්‍රකාශය කළේ කාලයක් තිස්සෙ ලංකාවටම පිළිලයක් වෙච්ච සම්මාන මාෆියාව ගැන.ඒ මාෆියාවේ පැති කිහිපයක්ම තියෙනවා .

එකක් තමයි මේක දැන් රටේ හුගාක් දෙනෙක් ව්‍යාපාරයක් කරගෙන ඉන්නෙ.ලක්ෂ දෙකට දෙක හමාරට ව්‍යාපාර සහ අනෙකුත් 
ක්ෂේත්‍රවල ඉන්න අයට සම්මාන ගන්න පුලුවන් .සල්ලි දෙනවනම් සම්මාන ගන්න පුළුවන් .ප්‍රමිති නිර්ණායක වානා.මේ ළඟදි ලංකාවෙ ව්‍යාපාරවලට සම්මාන දුන්නා දකුණු ආසියාවේ හොදම ව්‍යාපාර ආයතනය කියලා.ඒක හික් ගෑවෙන තේරීමක්නෙ බං.සම්මාන උත්සවේ කරපු එවුන් එතකොට දකුණු ආසියාවේම ව්‍යාපාර මේ තේරීමට ඇතුළත් කරලද මේ ලංකාවෙ සමාගමට දකුණු ආසියාවේ හොද ම සමාගම් සම්මානෙ දුන්නෙ.අර සමාගම් අයිතිකාරයොත් සල්ලිත් දීලා ගොනා සේ ගිහින් සම්මානෙ අරන් ආවා.අහන දකින අපිට රෙදි ඉල්ලෙ කියලා හිතුණට උන්ට එහෙම නෑ බං....

සිනමා සම්මාන උළෙලවල්වල තත්ත්වෙත් එහෙමමයි.සිනමා සම්මාන උළෙලවල්වල විනිශ්චය මණ්ඩලවල සිනමාව ගැන මෙලෝ හසරක් දන් නැති ගෝතයෝ ඕනෙතරම් ඉන්නවා.සිනාමාවත් එක්ක බද්ධ වෙච්ච තාක්ෂණික කාරණා ගැනත් උන් මෙලෝම හසරක් දන් නෑ.
හොද ම නළුවා නිළිය සම්මානය දෙද්දි සතර අභිනය ගැනත් බලන්න ඕනෙ නෑ.මොන......
කතා කරලා වැඩක් නෑ මයෙ දෙය්යො...

රට වටේ සම්මාන උත්සව නීලකාසෙට .ගංවතුර වගේ.ප්‍රමිති ඉල්ලෙ.දැන් ලංකාවෙ සම්මාන අසම්මාන වෙච්ච චොර situation  එකේ හේමාල් රණසිංහ මෙහෙම කොන්දක් තියාගෙන කට ඇරපු එකටනම් හේමාල් රණසිංහ ඔයාට මික්ක නන්රි කියලා තමයි කියන්න තියෙන්නෙ.

ඒ වගේම මාධ්‍යවලටත් සම්මාන දෙනවා හිටු කියලා....සම්මානෙට මුලින් අනුග්‍රාහක භවතගෙ නමත් සම්මානෙට එල්ලලා....එතකොට ඔය සමහර මාධ්‍ය තත්ත්පරයෙන් තත්ත්පරය උන්ට හම්බ වෙච්ච සම්මානෙ ගැන උන්ගෙම මාධ්‍ය වලින් පට්ට කයිවාරුවක් දෙනවනෙ...අප්පා ඒවා අහන් ඉන්න අපිට ශ්‍රවන භාග ගෙවන්න ඕනෙ.

 

අපි මෙහෙම කියද්දී හේමාල් ගේ ප්‍රකාශයට  Thanks පාරක් දාලා තව කට්ටියක් මෙහෙම කියනවා .


​මේ ඊයේ පෙරේදා පැවැත්වුණු සම්මාන උළෙලේ සම්මාන සල්ලි වලට විකුණනවා කියලා දැන් මුළු රටෙන්ම බාගෙට බාගයක්ම හොඳටම දන්නවා!
​මේ ගැන ප්‍රවීණ නළු නිළියන් පවා ප්‍රසිද්ධියේ කතා කරද්දී, අවුරුදු දෙකක ඉඳන්ම කිසිම බයක් නැතුව මේ සම්මාන ජාවාරමට එරෙහිව කෙලින්ම හඬ නැගූ එකම නළුවා තමයි හේමාල් රණසිංහ!
​මේ සම්මාන උළෙල ඉස්සෙල්ලම පටන් ගත්තු දවසේම, මෙතන සිද්ධ වෙන්නේ සල්ලි වලට සම්මාන කුණු කොල්ලයට විකුණන එක කියලා තේරුම් ගත්තු හේමාල්, "මට ඔයාලගේ සම්මාන එපා... මාව ඕකෙන් අයින් කරන්න" කියලා කෙලින්ම මූණටම කියලා ආපු එකම නිවැරදි කලාකරුවා! හේමාල් විතරයි,

​ඇත්තටම සල්ලි දීලා සම්මාන ගන්න තරම් පහත් තත්ත්වෙකට වැටෙන්නේ නැති, තමන්ගේ ආත්මගෞරවය රැකගත්තු සැබෑ නළුවෙක් තමයි හේමාල්.
​ 

​සමහර අය හේමාල්ට "ඉරිසියාවට කියන කතා" කිව්වත්, මේ සංවිධායක ජෝඩුව කරන්නේ සල්ලි වලට සම්මාන විකුණන මහා ජාවාරමක් කියන ඒක දැන් මුළු රටම දන්නවා!