ආලේ කොරෝනා සුව නොවන ආදරයක් නම් තේමාවෙන් කොරෝනා වසංගතය පසුබිම් කොට නිමවූ සිනමා නිර්මාණය ජනවාරි 07 වැනිදා සිට තිරගත කිරීමට ආරම්භ වුණි.
යු .ඒ පල්ලියගුරු නිෂ්පාදනය කළ ආලේ කොරෝනා චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සංජය නිර්මාල්ගෙනි. ජෙහාන් අප්පුහාමි හා ඩිෂ්නි රාජපක්ෂ ප්‍රධාන චරිතවලින් දායක වී ඇති අතර වසන්ත විට්ටච්චි, දීපානි සිල්වා, බුද්ධික ජයරත්න යන අයද සහය රංගනයෙන් ද ආලේ කොරෝනා වර්ණවත් කොට ඇත.
තාත්වික ශෛලියට අයත් ආලේ කොරෝනා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට නවමු සිනමා අත්දැකීමක් ගෙන එනු ඇතැයි විශ්වාස කළ හැකිය. විශේෂයෙන් කොරෝනා උවදුර හමුවේ සමස්ත ආර්ථිකයත් සිනමා කර්මාන්තයත් බිඳවැටුණු මොහොතක ලංකාවේ නිෂ්පාදනය වූ පළමු චිත්‍රපටය වන ආලේ කොරෝනා තුළින් කොරෝනා කාලය තුළ තනිවූ අසම්මත යුවළක් හා ඔවුන්ගේ අපූර්වතම දින 42ක කාල පරිච්චේදයත් සමාජ හා ආර්ථිකමය ගැටලු අර්බුද හමුවේ ජීවීත සටන මෙහෙයවූ අත්දැකීම් රැසකුත් නිරූපණය කෙරේ.
යු .ඒ පල්ලියගුරු තිර රචනය කළ ආලේ කොරෝනා චිත්‍රපටයේ RAP සංගීත ගායනයෙන් FIL -T R අදිශ බීට්ස් හා රොක් ගායනයෙන් සෙනෙත් දයන්ත දායක වෙති.
Trending News
Events
නන්දි ලද්දු එක්ක උපන්දිනය සමරයි
- 22-07-2026
Snowbirds සුබ මොහොතින් වැඩ අරඹයි
- 17-07-2026
ලංකාවෙන් ලෝකයටම හන්තානට ඇහෙනවද
- 15-07-2026
