අය කිරිල්ල කෙස් ගස් ගාණටලු



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-07-ent-157

පසුගිය සතියෙ අපි ලියපු දත් ගැලවීමේ කතාව මතක ඇතිනෙ. ඔය කතාව කියවලා ප්‍රතිචාර දක්වපු අය අතරෙ එක් කෙනෙක් අපූරු කතාවක් ලියලා එවලා තිබුණා.

අර දත් ගලවනවා වගේ වැඩක්.

කොණ්ඩෙ අඩුවෙන් තියෙන මනුස්සයෙක් සැලූන් එකකට ගියාලු කොණ්ඩෙ කපාගන්න. කට්ටිය වැඩි නිසා මිනිහට ටික වෙලාවක් ඉඳලා තමයි වැඩේ කරගන්න වුණේ.

බිල ගෙවන්න ගියාම මිනිහට තරු පෙනුනලු.

“මොකද්ද අයිසෙ මේ. ඕගොල්ලෝ මට කලින් කපපු මනුස්සයගෙන් ගන්නෙ රුපියල් 200යි. මගෙන් 350ක් ඉල්ලනවා. අර මනුස්සයගෙ කොණ්ඩෙ තිබ්බ තරම දැක්කද? මගේ මේ කෙස් ගස් ටිකට ද මෙච්චර ගාණක් ඉල්ලන්නෙ?”

“අනේ සර් ඔය කෙස් ගස් ටික හොයාගන්න අපට කොච්චර වෙලා ගියාද? දෙන්නෙක්ගෙ කොණ්ඩේ කපන වෙලා ගත්තනෙ මහත්තයගෙ කෙස් ගස් හොය හොය කපන්න.”

DESHAYA