අලුත් තරු දාන ගොන් පාට්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-24-ent-98දැන් ඉතින් අපේ නළු නිළියන්ට රඟපානවට අමතරව වෙනත් වැඩ රාජකාරි ගොඩක් තියෙනවනෙ. සින්දු කියනවා, නටනවා, විනිශ්චය කරනවා. ලංකාවෙ විතරක් නෙවෙයි, සමහර වෙලාවට පිටරටවල්වලටත් යන්න වෙනවා.

ඔන්න ඔය වගේ පිටරටක තිබුණු නර්තන ප්‍රසංගයකට අපේ රටේ ප්‍රවීණ මෙන්ම නව පරපුරේ කලා ශිල්පීන් ශිල්පිනියන් සහභාගි වුණාලු. ප්‍රවීණතම නළු නිළියන්ගෙන්නම් කිසිම කරදරයක් වුණේ නැහැලු. ඒත් සමහර අලුත් කට්ටිය මාර විදිහට වාත වුණාලු.

එක්තරා කෙනෙක් වැඩේ පටන්ගන්න කලින්ම කිව්වලු මුළු ෂෝ එකේම මුල ඉඳන් අග වෙනකම් එයාව පේන්න ඕනෙ කියලා.

දෙකට නැමෙන්නෙ නැති නර්තන අධ්‍යක්ෂකවරයා ඇහුවලු ප්‍රවීණ අයවත් දාන්නෙ නැති පුස් පාට් ඊයෙ පෙරේදා ආපු ඔයා මොකද දාන්නෙ කියලා. “ඔයාගෙ අයිටම් දෙක ඉවරවුණාට පස්සෙ ඔයාට හැමතැනම පේන්න ඉන්න ඕනනම් ගිහින් අර දොරවල් ගාව හිටගෙන ඉන්නවා”, කියලා ගුරා කිව්වම මිනිහගෙ මූණ රතු වුණාලු.

“මේ අලුත් කට්ටියගෙ එක එක ගොන් පාට්වලට කතා නොකර කට පියාගෙන ඉන්න එකෙන් තමයි ඒගොල්ලො තව ෆෝම් වෙන්නෙ,”

අධ්‍යක්ෂකවරයා කිව්වලු.

 

DESHAYA