අලුත්ම අන්ලිමිටඩ් කෝල් පැකේජ් එක දැන් කරළියට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තමන් පාවිච්චි කරන දුරකථනයෙන් කෝල් එකක් ගද්දි ගොඩ දෙනෙක් බලන දෙයක් තමයි විනාඩියකට කීයක් කැපෙනවද කියන එක.  සමහර අයනම් විනාඩියට නැතුව තත්පරේට කැපෙන පැකේජ් හොයන්නෙ කතාකරන තත්පරේට විතරක් ගෙවන්න හිතාගෙන. මොකටද නිකන් තත්පර 10ක් ගෙවලා විනාඩියට ගෙවන්නේ කියලා තමයි ඒ අය හිතන්නේ.2018-06-08-ent-01

කොහොම වුණත් ඔය තත්පර, විනාඩි කතාවට තිත තියන්න දැන් කාලේ හරි. මොකද අන්ලිමිටඩ් කොල් ටයිම් එක්ක රිසි සේ කතා කරන්න පුලුවන් අලුත්ම විදියට අපේ රටට හඳුන්වලා දීලයි තියෙන්නේ. ඒ වෙන කවුරුත් නෙවෙයි හැමදාම වගේ සැමදා ඔබ ළඟින් ඉන්න මොබිටෙල් ආයතනය තමයි මේ අලුත්ම අන්ලිමිටඩ් කෝල් පැකේජ් ඔබට අරන් ඇවිත් තියෙන්නේ.

Master Unlimited නමින් ඇවිත් තියෙන මේ විශේෂ හඳුන්වාදීමේ පැකේජයේදී රුපියල් 1500ක් වගේ පොඩි මුදලකට ඔබට මාසයක් පුරාවට නොමිලේ ඇමතුම් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ වගේම අන්තර්ජාලයේ සැරිසරන්නට ඔබට මේ පැකේජයේ මුල් මාස 3 පුරා 2GB බැගින් නොමිලේ Data පවා හිමිවෙනවා.

ශත 20ක් වගේ පොඩි මුදලකට මේ පැකේජය මඟින් ඔබට SMS හා MMS යැවීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම මේ වගේ පැකේජ් එකක් එනකම් අද කාලේ නම් වැඩිපුරම බලන් ඉන්නේ ආදරවන්තයෝ. මොකද උදේ, දවල්, රෑ වෙලාවක් කලාවක් නැතුව දෙන්නා එක්ක මලක් කඩන්න තියෙනවා කියන්නේ එතනින් එහා ආයෙ අලුතින් කියන්න දෙයක් නෑනේ.

කොහොම හරි මොබිටෙල් හඳුන්වාදෙන මෙම අලුත්ම අන්ලිමිටඩ් කෝල් පැකේජ් එක ගැන වැඩි විස්තර ඔබට www.mobitel.lk/master වෙත පිවිසිලා දැනගන්න පුලුවන්. හැබැයි සීමිත පිරිසකට තමයි මේ චාන්ස් එක තියෙන්නේ. ඉතින් තවත් බලන්න ඉන්නේ මොකටද, අදම ට්‍රයි කරන්න, හැමදාම මේ වගේ අන්ලිමිටඩ් චාන්ස් එන්නේ නෑ.