ඇඳුම පිටින් ගැම්මට නිදාගෙන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-06-ent-81පහුගිය දවසක කොළඹදී පැවති සංගීත ප්‍රසංගයකට වැඩියෙන්ම ආරාධනා කරලා තිබුණේ කලා ලොවේ ජනප්‍රියතම චරිතවලට.

ප්‍රසංගය අතරතුර විවිධ ජනප්‍රිය ආරාධිතයන්ගෙන් කෙටි අදහස් විමසීමක් ද කෙරුණා.

එක්තරා තරුණ ජනප්‍රිය රංගන ශිල්පිණියක් ඇගේ අදහසක්ද පළ කළා. ප්‍රසංගය ගැන වගේම තරුණ නිවේදකයාගේ ඇඳුමේ අපූර්වත්වය ගැනත් ඇය විශේෂ සඳහනක් කළේ කාගෙත් ඔල්වරසන් හඬ මැද්දේ.

ඔන්න පහුවදා උදේ මේ ජනප්‍රිය නිළියගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබෙනවලු. අර කළින් දවසේ ප්‍රසංගයේ නිවේදකයා.

“අනේ ඊයේ ඔයා මගේ ඇඳුම ගැන කළ වර්ණනාව මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. තෑන්ක් යූ. ඊයේ රූ ගෙදර ඇවිල්ලත් ඔයාගේ ඒ වචන ටික තමයි මට දෝංකාර දුන්නේ. කොටින්ම කිව්වොත් ඒ ගැම්මට මම ඒ ඇඳුම පිටින්මයි නිදාගත්තේ.”

 

DESHAYA