ඉඩමත් නෑ චරිතෙත් නෑ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-06-14-ent-90ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක් පහුගිය දවස්වල අලුත් ටෙලිනාට්‍යයක වැඩ පටන් ගත්තා. ෂූටිං කරන දවස්වල මේ අධ්‍යක්ෂකවරයා ගෙයක් හදන්න හොඳ ඉඩමක් හොය හොයා හිටියලු.

මේ නිර්මාණයේ සුළු චරිතයක් රඟපාන්න ආපු තරුණයෙක්, ලාබෙට ඉඩමක් තියෙනවා කියලා අධ්‍යක්ෂකවරයාට ලොකු බලාපොරොත්තුවක් දුන්නලු.

පර්ච් එකක් ලක්ෂ 20 ක් වෙන පළාතකින් මේ ඉඩම මෙයා අරන් දෙන්න පොරොන්දුවෙලා තියෙන්නෙ පර්ච් එක ලක්ෂ 10 ගාණෙ. අධ්‍යක්ෂකවරයා මෙයාට සෙට් එකේදී විශේෂ සැලකිලි දෙන්න පටන් අරන්. මෙයාගෙ චරිතෙත් තිබුණට වඩා කැපීපෙනෙන විදිහට වෙනස් කළාලු.

අධ්‍යක්ෂකව එක්කරගෙන ගිහින් ඉඩමත් පෙන්නුවලු. ඒත් අයිතිකාරයාව මුණගස්සන වැඩේ දවසින් දවසම කල් යනවලු. හැමදාම මේ තරුණයා එක එක හේතු කිය කියා වැඩේ කල් දානවලු.

අන්තිමේදී බැලින්නම් මිනිහා කරලා තියෙන්නෙ අධ්‍යක්ෂකවරයා අන්දන එක කියලා තහවුරුවෙලා.

මළපැන්න අධ්‍යක්ෂකවරයා මේ මිනිහගෙ චරිතෙ එහෙමපිටින්ම කතාවෙන් අයින් කළාලු. අන්තිමේදී ඉඩමත් නෑ, අර මනුස්සයට චරිතෙත් නෑ.

 

DESHAYA