උදේ ගෙදරින් ගිය දුවවත් අමතක වෙලා!



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-07-18-ent-90ඔහු අප රටේ සිටින ප්‍රකට චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක්. රටේ හැමෝම ඔහුව හඳුන්වන්නෙත් රටේ කියලා තමයි.

ඔන්න මේ හිත හොඳ මිත්‍රයා පහුගිය දවසක ඔහුගේ ෆෝන් එකේ කේස් එකක් වෙලා ඒකේ සේව් කරලා තිබුණ නොම්මර හා නම් ටික සේරම මැකිලා ගිහින්.

ඉස්සර වගේ නෙවෙයි, දැන් අපි කාගෙවත් දුරකථන අංක මතක තියාගන්නේ නැහැනේ. ඒ තරමටම අපි තාක්ෂණේ මත්තෙම යැපෙනවා.

හැබැයි ෆෝන් එකේ නොම්මර නැති වුණු දවසට තමයි අපි රත්වෙන්නේ.

ඔන්න ඔය වගේ ඇබැද්දියකට රටේ ටත් මුහුණ දෙන්න වෙලා.

ඔහු ඔෆිස් එකට ගිහිං ටික වෙලාවකින් තරුණියකගෙන් කෝල් එකක් ආවලු.

නම දන්නේ නැති නිසා ඔහු ෂේප් එකෙන් කතා කළාලු.

‘කියන්න මිස් ඔයා කවුද?’

‘මිස්? මොකද්ද තාත්තේ උදේ ගෙදරින් ගිය දුවවත් අමතක වුණාද? මම අද මියුසික් ක්ලාස් යන්නේ නැහැ. ඉස්කොලේ ඇරිලා කෙළින්ම ගෙදර එනවා.’

‘හා මිස්.. සොරි දුව. ඕකේ... ඕකේ..’

 

DESHAYA